මිරිහානේ බස් ගිනිතැබූ අය අල්ලන්න පරීක්‍ෂණ

246

මිරිහාන පැඟිරිවත්ත පාර ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ පසුගිය 31 වැනිදා කලහකාරි ලෙස හැසිරෙමින් පොදු දේපළවලට අලාභ හානි සිදු කර ඒ අසල වූ බස් රථවලට සහ වෙනත් වාහනවලට ගිනිතබා විනාශ කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මිරිහානේ බස් ගිනිතැබූ අය අල්ලන්න පරීක්‍ෂණ

එහිදී බස් රථ 2කට ගිනිතැබීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය පතයි.

ඒ අවස්ථාවේ ලබාගත් වීඩියෝ දර්ශනවලින් උපුටා ගත් ඡුායාරූප 2ක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

පළ වී ඇති ඡුායාරූපවල සිටින සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වේ නම් 0718-591755 (විමර්ශන භාර පොලිස් අධිකාරි), 0718-594929 (ඩිජිටල් වෝහාරික අංශ ස්ථානාධිපති), 0112-444265 (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව) යන දුරකථන අංකවලට දැනුම් දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

 

advertistmentadvertistment
advertistmentadvertistment