මිරිහානේ විරෝධතා දැක්වූවේ පක්ෂවලට ගෑවුණු අය නොවේ – සමාජ ක‍්‍රියාකාරීහු කියති

258

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිවසට යන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ පිරිස කිසිදු දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ පිරිස් නොවේ යැයි සමාජ ක‍්‍රියාකාරීහු කිහිපදෙනකු දිවයින ඉරිදා සංග‍්‍රහයට අදහස් දක්වමින් පැවසූහ.

ජනනතාව ජීවත්විය නොහැකිව අසරණව සිටින බවත්, ඒ සඳහා මැදිහත් වී සහන ලබාදෙන ලෙස විරෝධතා කළ පිරිස් ඉල්ලා සිටියේ සමාජ මාධ්‍ය හරහා එක්රැුස්වීමෙන් බවත් ඔවුහු කියා සිටියහ.

විරෝධතාවයේ නිරත වූ පිරිස වෙත කඳුළුගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කිරීම නිසා එම ස්ථානයේ නොසන්සුන්තාවක් ඇති වූ බවත් එයට ආරක්‍ෂක අංශ වගකිව යුතු බවත් ඔවුහු පැවසූහ. විරෝධතාකරුවන් පිරිස සටන් පාඨ කියමින් සිටිනවිට වෙනත් පාර්ශ්වයක් එම ස්ථානයට සම්බන්ධ වී පැවැති සාමකාමී විරෝධතාවය උද්වේගකාරී තත්ත්වයට පත් කළ බවත් ඇතැම්විට එම පිරිස ආරක්‍ෂක අංශ සාමාජිකයන් වියහැකි බවට සැක සිතන බවත් ඔවුහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment