මිලකළ නොහැකි ගජමුතු දෙකක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු කනංකේ – ගල්වල ප්රදේශයේදී ඊයේ (15) දින රාත්රි අත්අඩංගුවට ගත් බව කනංකේ පොලිසිය කියයි.
ඉමදුව කනංකේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කටයුතු කරන බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට තිබේ.
කනංකේ පොලිස් වසමේ නාවල ගල්ලල ප්රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී මිලකළ නොහැකි ගජමුතු දෙකක් ගැණුම්කරුවෙකු වෙත අලෙවි කිරීම සඳහා අල්මාරියක් තුළ සඟවා තිබියදී වයස 41 වන පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
විශාල වටිනාකමකින් යුක්ත මෙම ගජමුතු 2 ක තණමල්විල ප්රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් සැකකරු වෙත ලබාදුන් එකක් බවට පැවසෙන අතර එම පුද්ගලයා මේ වන විට මියගොස් ඇතැයි ද සදහන් .
කෙසේ නමුත් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මාතර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .