මිලදී ගනු ලබන නව Galaxy ස්මාර්ට් ජංගම දුරකතන හා Tabs සඳහා නොමිලේ ඩේටා ලබා දීමට SAMSUNG, Dialog සමඟ අත්වැල් බැඳගනී

219

ශ්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳ නාමය වන සැම්සුන්ග් අලූතින් හඳුන්වා දෙන ලද Galaxy A හා M කාණ්ඩයේ ස්මාර්ට් ජංගම දුරකතන හා Galaxy Tab සඳහා සුවිශේෂී දීමනාවක්
 පාරිභෝගිකයින්ට ලබා දීම සඳහා මෙරට ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා පීඑල්සී සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කර ඇත.

 ඒ අනුව මිලදී ගනු ලබන නව සැම්සුන්ග් smartphone දුරකතනයට ඩයලොග් 4G සිම් කාඞ්පත ඇතුළත් කිරීමෙන් මෙම පෙර නොවූ විරූ 30GB දක්වා නොමිලේ ඩේටා දීමනාව සැම්සුන්ග් smartphone පාරිභෝගිකයින්ට ලබා ගැනීමට හැකියාව ඇත. සැම්සුන්ග් A72, A52, A32, A22, A21s A12, M12, M11, M02s, M02, M01 Core යන smartphone සහ Galaxy Tab S7+, S7, S6 Lite හා Galaxy Tab A7 and A7 Lite  යන Tab මෙම සුවිශේෂී දීමනාව යටතේ පරිභෝගික ජනතාවට මිලදී ගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment