මිල්කා ජපානයේදී රන් පදක්කමක් දිනයි

488

ජපානයේ යමගටා හි පැවති ‘ ඕල් ජැපෑන් සීනියර් ඇන්ඞ් මාස්ටර්ස් ජිම්නාස්ටික්ස්’ ශූරතාවලියේ කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකා මිලිකා ගෙහානිද සිල්වා නියෝජනය කළ කණ්ඩායම ඊයේ (24 දා) සමත් වී ඇත.

මිල්කා මෙම තරග ඉසව්ව සඳහා තවත් කී‍්‍රඩිකාවන්  5 දෙනෙක් සමග ඉදිරිපත් වී ඇත.

මිල්කා ජපානයේදී  රන් පදක්කමක් දිනයි

මිලිකා ගෙහානි ද සිල්වා ශිෂ්‍යත්වයක් මත මේ වන විට ජපානයේ නේවාසිකව පුහුණුවීම් හදාරමින් සිටින්නීය.

ජිම්නාස්ටික් කී‍්‍රඩා ඉසව්වකින් ඔලිම්පික් වරම් ලද පළමු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩිකාව ලෙස මිලිකා 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූවාය.

2019 වසරේ ලෝක ශූරතා තරගාවලියට ද මිල්කා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූවාය.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment