මිල්ලනියේ මත්කුඩු පැකට් කළ 03ක් අල්ලයි

136

හොරොයින්, හෑෂ් ,ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු මිල්ලනිය බැල්ලන්තුඩාව නිවසක දි අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි .

අත්අඩංගුවට පත් වූවන් අතර නිවෙස් හිමිකරු ද සිටින බව පොලීසිය කියයි

එම සැකකරුවන් සමඟ හොරයින් මත්කුඩු පැකට් 32 ක් ,අයිස් මත්ද්‍රව්‍ය මිලි ග‍්‍රෑම් 700 ක් හෑෂ් මත්ද්‍රව්‍ය මිලි ග‍්‍රෑම් 1000 ක් සහ ගංජා ග‍්‍රෑම් දෙකක් මෙන්ම පැකට් කිරීමට යොදා ගන්නා උපකරණ රැුසක් සැකකරුවන් සමග පොලිසිය භාරයට ගෙන ඇත

රත්මලාන ප‍්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය රැුගෙන විත් පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස මෙම නිවස කාලයක සිට පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් බැල්ලන්තුඩාව සහ බණ්ඩාරගම වීදාගම පදිංචිකරුවන්ය

advertistmentadvertistment
advertistmentadvertistment