මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයීය පාවුළු බැති ගී 2023

315

මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයීය මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ පාවුළු පොසොන් කලාපය පොසොන් පොහෝ දින විද්‍යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

වර්තමාන විදුහල්පතිනි ආචාර්ය සුමේධා ජයවීර විදුහල්පතිතුමියගේ විශේෂ මඟපෙන්වීම හා අනුශාසකත්වය යටතේ මෙම පොසොන් කලාපය සංවිධානය වූ අතර බෝධි පූජාමය පින්කම, පොසොන් බැති ගී, මිහින්තලා අනුරුව ප්‍රදර්ශනය හා කුණ්ඩලකේශී කතා වස්තුව රැගත් ඩිජිටල් පොසොන් තොරණ හා දන්සලක් පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විද්‍යාලයේ විදුහල්පතිනි ආචාර්ය සුමේධා ජයවීර විසින් පොසොන් කලාපය විවෘත කරන ලදී. මේ සඳහා විශේෂ ආරාධිත අමුත්තෙකු වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරු සරත් ධර්මතිලක මැතිඳුන් සහභාගි විය. විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නායිකා සංසදය, බෞද්ධ සංගමය, ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන් හා දෙමව්පියන් මේ අවස්ථාව සඳහා සම්බන්ධ විය.

මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයීය පාවුළු බැති ගී 2023
මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයීය පාවුළු බැති ගී 2023
මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයීය පාවුළු බැති ගී 2023

advertistmentadvertistment
advertistmentadvertistment