මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විදුහල්පතිනියගේ ‘නොදුටු පාසල’ කෘතිය එළිදකී

1417

මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනිය වන ජේ. සුමේධා ජයවීර මහත්මියගේ නවතම කෘතිය වන ‘නොදුටු පාසල’ පසුගියදා එළිදැක්විණි. මෙය සුමේධා ජයවීර මහත්මියගේ දෙවැනි ග‍්‍රන්ථය වන අතර, මීට පෙර ඇය ‘පාසල විදුහල්පතිනියකගේ ඇසින්’ නමින්ද කෘතියක් ලියා පළකළාය. කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය (PhD) සම්පූර්ණ කර ඇති සුමේධා ජයවීර මහත්මිය ශ‍්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ කීර්තිමත් විදුහල්පතිනියකි. සිය ආචාර්ය උපාධියට අදාළ පර්යේෂණය හරහාද මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රය කෙරෙහි වැදගත් වන කරුණු රැුසක් අනාවරණය කර ඇති ඇය ‘‘නොදුටු පාසල’’ කෘතියෙන් දරුවා, පාසල, අධ්‍යාපනය, ගුරු භූමිකාව සහ විදුහල්පති භූමිකාව පිළිබඳ නව මානයන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අංශ ගණනාවක් පිළිබඳ මනා විවරණයක් ඉදිරිපත් කර ඇත.

 අධ්‍යාපන ක්ෂේත‍්‍රය පිළිබඳ පර්යේෂිකාවක ලෙස සුමේධා ජයවීර මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබූ නිබන්ධන, ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රකාශන ලෙසද මීට පෙර එළිදක්වා තිබේ. වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයේ National Research and Evaluationහි කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකාවක ලෙසද කටයුතු කරන ඇය, කොළඹ විශ්වවිද්‍යාලය, ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, ජාතික අධ්‍යාපන ආයතනය සහ එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ ශ‍්‍රී ලංකාවේ පිළිගත් විශිෂ්ට සහ කීර්තිමත් අධ්‍යාපන වේදිනියකි.

advertistmentadvertistment
advertistmentadvertistment