මිලියනයක් වටිනා ව්‍යාජ ඩොලර් නෝට්ටුවක් සමග කාන්තාවක් හා පිරිමි අයෙක් ගිංතොටදී දැලේ

454

මිලියනයක වටිනාකමින් යුත් ව්‍යාජ ඩොලර් නෝට්ටුවක් සමග කාන්තාවක් හා පිරිමි පුද්ගලයකු ඔවුන් පැමිණ සිටි යතුරුපැදියද සමග ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දොම්පෙ දෙමාලගම පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු සහ කඳාන පොල්පිතිමූකලාන පදිංචි 29 හැවිරිදි කාන්තාවකි. සැකකරු සහ සැකකාරිය ගිංතොට ප‍්‍රසිද්ධ සංචාරක හෝටලයක් අසල කිසියම් පුද්ගලයකුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටියදී නිලධාරීන් විසින් එම දෙදෙනා පරීක්ෂා කර ඇත. එහිදි ඔවුන් ළඟ තිබී මෙම ඩොලර් මිලියනයේ ව්‍යාජ නෝට්ටුව සොයාගෙන ඇත. පසුව ඔවුන් දෙදෙනා පැමිණ සිටි යතුරුපැදියද සමග අත් අඩංගුවට ගෙන ඇත.

ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඞී. ජී. ආනන්ද මහතාගේ උපදෙස් පරිදි උ.පො.ප. සූරිආරච්චි, සැරයන් උපතිස්ස (47755*, පො.කො. බාලසූරිය (78421* යන නිලධාරීන් විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත. සැකකරු හා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්
 

advertistmentadvertistment
advertistmentadvertistment