මිලියන 10,193 ක බෙහෙත් පස්ස දොරෙන් මිලදී අරන්

220

වෛද්‍ය සැපයීම් වට්ටෝරු සමාලෝචන කමිටුවේ නිර්දේශයකින් තොරව 2011 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළදී පිරිවැය රුපියල් මිලියන 10,193 ක් වූ වෛද්‍ය සැපයීම් අයිතම 4,619 ක් මිලදී ගෙන ඇති බව පසුගිය

17 දා පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය විසින් සිදු කරනු ලබන වෛද්‍ය සැපයීමේ ක‍්‍රියාවලිය පිළිබඳ 2018 මාර්තු 14 දිනැති විගණකාධිපති විශේෂ විගණන වාර්තාව පිළිබඳ පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම පැවැත්විණ.

ලොව බොහෝ රටවල් විසින් පරිභෝජනය කරනු ලබන වෛද්‍ය සැපයීම් අයිතම සංඛ්‍යාව ඉතා අඩු අගයක් ගන්නා නමුත්, දිවයින තුළ 2017 වර්ෂය වන විට වෛද්‍ය සැපයීම් අයිතම 19,844 ක් පරිභෝජනය කර තිබුණු බවද මෙහිදී හෙළි විය.

2018 සහ 2019 වර්ෂවල අවස්ථා 14 කදී රුපියල් මිලියන 891 ක් වැයකර වෙළෙඳ නාමය ්‍යැරඑසජ්ා නමින් වූ ඔර්ිඑම‘මප්ඉ සබවැජඑසදබ 440පට අසඑය ිදකඩැබඑ සබ 20පක ඩස්ක 8,945 ක් දේශීය වෙළෙඳපොළේ එක් සැපයුම්කරුවකුගෙන් මිලදී ගෙන තිබුණු බවද කාරක සභාවේදී අනාවරණය විය. මෙම ගනුදෙනුවලදී අදාළ ප‍්‍රසම්පාදන කමිටුව විසින් අවම ලංසු ප‍්‍රතික්ෂේප කර තිබීම හේතුවෙන් රුපියල් මිලියන 230.9 ක් වූ අතිරේක පිරිවැයක් දැරීමට සිදුව තිබේ.

එමෙන්ම ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියේ ප‍්‍රමාදය හේතුවෙන් නිර්මාණය වන වෛද්‍ය සැපයීම් හිඟය වළක්වා ගැනීමට එම වෛද්‍ය සැපයුම් දේශීය වෙළෙඳපොළින් මිලදී ගැනීමට සිදුවීම නිසා 2007 සිට 2016 දක්වා වූ වර්ෂ 10 ක කාලය තුළදී රුපියල් මිලියන 5,166 ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුව තිබීම සම්බන්ධයෙන්ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කළේය.

තත්ත්වය පිළිබඳ තහවුරුවකින් තොරව වෛද්‍ය සැපයීම් වාර්ෂිකව රට තුළට එන බව තහවුරු වී තිබෙන අතර, එමගින් රෝගීන්ට සිදුවන හානිය මැනිය නොහැකි බවද ජාතික විගණන කාර්යාලය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

2016 වනවිට ඖෂධ තත්ත්ව ආරක්ෂණ

රසායනාගාරයේ පැවැති භෞතික හා මානව සම්පත් වැඩිදියුණු කිරීමට 2020 වසරේ දෙසැම්බර් 31 දින වන විටත් කටයුතු කර නොතිබීම සම්බන්ධයෙන්ද කාරක සභාව නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කළේය.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment