මිලියන 25577 ක් ආදායම් බදු ගන්තා – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

238

මේ වසරේ (2023) පළමු කාර්තුවේදී පුද්ගලික අන්තිකාරම් ආදායම් බදු රැස් කිරීම ක්‍රමිකව වර්ධනය වෙමින් රු. මිලියන විසිපන්දහස් පන්සිය හැත්තෑ පහක බදු ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව ජනවාරි මාසයේදී රුපියල් මිලියන 3106 ක් ද පෙබරවාරි මාසයේදී රු. මිලියන 10540 ක්ද මාර්තු මාසයේදී රු. මිලියන 11931 ක්ද වශයෙන් මාසිකව පුද්ගල අත්තිකාරම් ආදායම් බදු උපයා ගැනීමට සමත්වූ බව ද මේ අනුව මාසයෙන් මාසය එම ආදායම් වර්ධනයක් සිදුව ඇති බව ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී. ආර්. එස්. හපුආරච්චි මහතා පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment