මිලියන 320 ක විදුලි පාඩුවට වගකිවයුතු ඉංජිනේරුවන් දෙදෙනකු අනිවාර්ය නිවාඩු යවයි

770

විදුලි ඉංජිනේරු සංගමය වැඩවර්ජනයක නිරතවෙමින් සිටි ඉකුත් ජුනි 09 වැනිදා ජල විදුලි බලාගාරවල විදුලිය වෙනුවට පුද්ගලික ඩීසල් බලාගාර දෙකකින් විදුලිය මිලදී ගෙන මණ්ඩලයට රුපියල් මිලියන 320 ක පාඩුවක් සිදුකළ සිද්ධියට වගවිය යුතු බව කියන ඉංජිනේරුවරයන් දෙදෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාගේ උපදෙස් මත මෙලෙස අනිවාර්ය නිවාඩු යවා ඇත්තේ විදුලි පාලන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. අලහකෝන් සහ ප්‍රධාන ඉංජිනේරු එරංග කුඩාහේවා යන දෙදෙනාය.

ඉකුත් 09 වැනිදා සිදු වූ බව කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංවීම සභාපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්‍ෂණයකින් පසු අදාළ වාර්තා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමට ලබාදී තිබිණි.

මෙම වර්ජනය පැවති දිනය දා කැනියොන්, පැරණි ලක්‍ෂපාන, නව ලක්‍ෂපාන, පොල්පිටිය, ඉහළ කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, උකුවෙල සහ බෝවතැන්න යන ජලාශවල ජලය වගා බිම්වලට මුදාහැර පුද්ගලික විදුලි බලාගාරවල සොජිට්ස් සහ වෙස්ට් කෝස්ට් යන බලාගාර දෙකෙන් අවශ්‍ය විදුලිය මිලදී ගෙන ඇතැයි පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. ඒ අනුව සොජිට්ස් බලාගාරයෙන් රුපියල් මිලියන 128.4 ක් වෙස්ට් කෝස්ට් බලාගාරයෙන් රුපියල් මිලියන 191.6 ක විදුලිය මෙලෙස මිලදී ගෙන ඇත. මෙම සිද්ධියට

වග වියයුතු නිලධාරීන් දෙදෙනා සම්බන්ධව ලංවීම අභ්‍යන්තර පරීක්‍ෂණයක්ද සිදුකර තිබේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment