මිලියන 39ක කේජී අල්ලයි

226

නාවික හමුදාව විසින් මන්නාරම පොලිසිය එක්ව ඉලුප්පුකඩවායි ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 131යි ග්‍රෑම් 725ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකුඅත් අඩංගුවට ගෙන තිබේ.

ඒවා ප‍්‍රවාහනය සඳහා යොදාගත් ලොරි රථයක් ද ඊයේ (10දා) අත් අඩංගුවට ගෙන ඇත. මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 39 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 36 සහ 40 යන වයස්වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, මෙම සැකකරුවන් කේරළ ගංජා සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment