මිලියන 427 අලින්ටම පෑගෙයි

166

වන අලින් පලවා හැරීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 427කට අධික වැටුප් හා දීමනා පිරිවැයක් දරා සිවිල් ආරක්ෂක භටයින් 845 දෙනකු යෙදවා ගෙන තිබුණ ද ඉකුත් වර්ෂයේ ද (2021) අලි මිනිස් ගැටුම ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පැවැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

අලි පලවා හැරීම සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක භටයින්ට විධිමත් පුහුණුවක් ලබා දී නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. ඉකුත් වර්ෂයේ දී අලි මිනිස් ගැටුම හේතුවෙන් වන අලින් 375 දෙනකු සහ මිනිසුන් 142 දෙනකු මියගොස් තිබුණි. ශාරීරික හානි 58ක් සහ දේපළ හානි 1326ක් වාර්තා වී තිබුණි.

සිවිල් ආරක්ෂක භටයන් 3300 දෙනකු අලි විදුලි වැටවල් නඩත්තු කිරීමටත්, භටයන් 389 දෙනකු වනජීවි කාර්යාල කටයුතු සඳහාත් යොදවා ඇත. මෙම කටයුතු සඳහා යොදවා ඇති සිවිල් ආරක්ෂක. භටයින් සංඛ්‍යාව 4534කි. මෙරට ඉදිකර ඇති අලි වැට ප්‍රමාණය කිලෝමීටර් 4756ක් වන අතර මින් කිලෝමීටර් 4725ක් හෙවත් සියයට 99ක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේස්තුවට නඩත්තු කටයුතු සඳහා භාරදී තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment