මිලියන 6000 ක කැඳ එපා… පී. සී. ආර්. කරන්න; සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

128

රුපියල් මිලියන 6000 ක් වැය කර රටපුරා කැඳ බෙදනවා වෙනුවට කොවිඞ් රෝගීන් හඳුනා ගැනීමට එම මුදල් වැය කර පී. සී. ආර්. හා රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන්නැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (17 දා* ඉල්ලීමක් කළේය.

සියලූම පාර්ශ්වල කැපකිරීමෙන් කොවිඞ් රෝගය යම් පාලනයකට ගෙන තිබෙන අවස්ථාවක කැබිනට් පති‍්‍රකා මගින් රුපියල් මිලියන 6000 ක් වැය කර කැඳ බෙදීමට උත්සාහ කරන්නේ නැවතත් කොවිඞ් පාලනය අතහැර දැමීමට ද යන්න සැකයක් මතුවන බව ද ඒ මහතා කීය.

ජනතාවට කැඳ ලබාදීමට තම සංගමයේ විරුද්ධතාවක් නැති බවත් ජනතාවට එම වට්ටෝරුව ලබාදුනහොත් එය සකසා ගැනීමට ඔවුන්ට හැකියාව පවතින බවත් කී වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මේ සිදු කරන්න යන්නේ මහජන මුදල් නාස්තියක් කිරීමට ද යන්න සැක හිතෙන බව ද කීවේය. මේ වනවිට කොවිඞ් රෝගීන් හඳුනා ගැනීම සඳහා සිදුකරන පී. සී. ආර්. සහ රැුපිඞ් ඇන්ටිජන් ප‍්‍රමාණය අඩු කර ඇති බවත් කැඳ සඳහා වැය කිරීමට උත්සාහ දරන රුපියල් මිලියන 6000 යොදා එම කට්ටල මිලදී ගෙන කොවිඞ්

රෝගීන් හඳුනා ගෙන ඔවුන් නිරෝධායනවලට යොමු කිරීම වඩාත් යෝග්‍ය බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ වනවිට ඉන්දියන් ජාතිකයන් 600 දෙනකු හබරණ ප‍්‍රදේශයේ නිරෝධායනයට යොමු කර විදෙස් රටවලට යැවීමේ ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක වන බවත් මේ අවස්ථාවේ එවැනි කි‍්‍රයා සිදුනොකරන ලෙස වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය. යම් සංචාරක වැඩසටහනක් සිදුකරනවා නම් එය විධිමත් නිරෝධායන කි‍්‍රයාවලියක් තුළින් සිදුකරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment