මිලියන 71ක කේරළ ගංජා පේදුරුතුඩුව මුහුදේදී අත්අඩංගුවට

130

නාවික හමුදාව විසින් පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු සීමාවේදී රුපියල් මිලියන 71 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්?ම් 237.5ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු සහ ඩිංගි යාත‍්‍රාවක් 14 දා අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු නාවික විධානය මගින් පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප‍්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී ගොඩබිම දෙසට යාත‍්‍රා කළ සැක කටයුතු ඩිංගි යාත‍්‍රාවක් පරීක්‍ෂාවට ලක්කර එහි ප‍්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා සහිත ගෝනි 2 ක් සොයා ගන්නා ලද අතර සැකකරුවන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු මත නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව එම මුහුදු ප‍්‍රදේශයේ සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී සැකකරුවන් විසින් මුහුදට දමා තිබූ තවත් කේරළ ගංජා සහිත ගෝනි 6ක් සොයා ගැනීමට හැකි වී තිබේ.

සැකකරුවන් තිදෙනා අවුරුදු 28ත් 29ත් අතර වයසේ පසුවන පේදුරුතුඩුව සහ අච්චුවේලි ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය කර ගැනීමට හැකි වී ඇති අතර මෙම සැකකරුවන්, කේරළ ගංජා සහ ඩිංගි යාත‍්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment