මිලියන 872ක දහම් ගොඩනැගිලි කොටඋඩ

84

ආර්ථික අපහසුතාවයෙන් යුත් දහම් පාසල් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 872ක් වැය කර තිබුණ ද එම ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දමා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

දහම් පාසල් සඳහා ස්ථිර ගොඩනැගිලි 367ක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මගින් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂා කර තිබුණි. එහෙත් අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව 2023 මැයි මස 31 දිනට රුපියල් මිලියන 872 ක වියදමක් දරා දහම් පාසල් ගොඩනැගිලි 298ක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබුණි.

තාක්ෂණික කමිටුවේ අනුමත මිල අනුව මුළු කොන්ත්‍රාත් වටිනාකම රුපියල් මිලියන 1175කි. එහෙත් භෞතික ප්‍රගතිය අනුව කරන ලද වැඩවල වටිනාකම රුපියල් මිලියන 872ක් බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. ගොඩනැගිලි 367ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබුණ ද ඉදිකිරීම් අවසන් කළ ගොඩනැගිලි සංඛ්‍යාව 131ක් බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment