මිල අඩු ඇන්ටිජන් හා පීසීආර් කට්ටල ගෙන්වීමට ඇතැමුන් මග අහුරලා – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

129

රට තුළ ඇන්ටිජන් පරීක්‍ෂණයක් රුපියල් 600 ටත් පීසීආර් පරීක්‍ෂණයක් රුපියල් 2000 ට අඩුවෙන් කළ හැකි යැයි වෛi පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය  ජයරුවන් බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (30 දා) පැවසීය.

මිල අඩු ගුණාත්මක ඇන්ටිජන් සහ පීසීආර් කට්ටල ලෝකයේ භාවිත කරන බවද ඒවා ගෙන්වීමට අවස්ථාව ඇතත් ව්‍යාපාරිකයන් සහ ඖෂධ ලොක්කන් එම අවස්ථාව ලබානොදෙන බවද ඒ මහතා කීය.

දැනට ඇතැම් ව්‍යාපාරිකයන් මිල අධික ඇන්ටිජන් සහ පීසීආර් කට්ටල ආනයනය කර ලියාපදිංචි කරන බවත් ඒ හරහා ගුණාත්මක මිල අඩු කට්ටල ගෙනඒමට මග අහුරා තිබෙන බවත් ඔහු කීය. මෙය වෙනසක් කිරීමට අවශ්‍ය නම් මෙම පරීක්‍ෂණ කට්ටල ගෙන ඒම විවෘත කළයුතු යැයිද හෙතෙම කීය.

මින් අසාධාරණයක් වන්නේ මේ රටේ අහිංසක ජනතාවට බවත් මිල වැඩි ඇන්ටිජන් හා පීසීආර් කට්ටල ගෙනඒම සහ ලියාපදිංචි කිරීම ඖෂධ නියාමන අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගේ පවා එක`ගතාවයෙන් සිදුවන බවත්  වෛද්‍ය  ජයරුවන් බණ්ඩාර මහතා කීය. මෙම නිලධාරීන්ද අහිංසක ජනතාවගේ බදු මුදල්වලින් වැඩිදුර අධ්‍යාපනය ලැබූ පිරිසක් බවටද හෙතෙම චෝදනා කළේය.

හිටපු සෞඛ්‍ය ඇමැතිවරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යම්යම් හොඳ තීරණ ගත්තද එය ක‍්‍රියාත්මක නොවීම කොවිඞ් පාලනයට බරපතළ බලපෑමක් වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment