මිල පාලනයක් නෑ :- පාරිභෝගික අධිකාරිය හදිසි වැටලීම් නතර කරයි

267

පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් භාණ්ඩ මත මේ වනවිට කිසිදු මිල පාලනයක් නොමැති නිසා පාරිභෝගික අධිකාරිය සිදු කරන ඇතැම් හදිසි වැටලීම් නතර කර දමා ඇත.මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියෙන් විමසූ විට එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේ භාණ්ඩ හිඟය මඟ හරවාලීම සඳහා මිල පාලනය ඉවත් කිරීමට රජය ගත් තීරණය නිසා මෙම තත්ත්වය උද්ගතව තිබෙන බවයි. රටපුරා තිබෙන වෙළෙඳසල් වැටලීමට පාරිභෝගික අධිකාරිය සතුව නිලධාරීන් නොමැති බවත් යම් යම් පැමිණිලි මත සිදුකරන වැටලීම් සිදු කරන බවත් හෙතෙම කියා සිටියේය.

පාරිභෝගික අධිකාරිය භාණ්ඩ මිල පාලනයට කිසිදු ලෙසකින් මැදිහත් නොවන නිසා වෙළෙඳුන් හිතු හිතූ මිලට ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ අලෙවි කරමින් පාරිභෝගිකයින් සුරාකමින් සිටින බව පාරිභෝගිකයෝ කියා සිටිති.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment