මිල පාලනය ඉවත් කළා නම් ඕනෑම කෙනෙකුට භාණ්ඩ ගෙන්වන්න ඉඩ දියයුතුයි

673

සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය ඉවත් කළා නම් බලපත‍්‍රයක් නොමැතිව එම භාණ්ඩ ආනයනය කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව ලබාදිය යුතු යැයි පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා දිවයිනට ඊයේ (05 දා* පැවසීය.

මිල පාලනය ඉවත්කර සීමිත පිරිසකට පමණක් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට බලපත‍්‍ර දීම තවත් ¥ෂණ අක‍්‍රමිකතා ඇතිවීමට හේතුවන නිසා එය වැළැක්වීමට බලපත‍්‍ර දීමකින් තොරව භාණ්ඩ ආනයනය කිරීමට ඕනෑම අයකුට අවස්ථාව සලසා දිය යුතු බව ද ඔහු කීය.

දැනට සීනි ආනයනය කිරීමට ව්‍යාපාරිකයන් 21 දෙනකු සිටින බවත් මිලෙහි තරගකාරිත්වයක් ඇතිවීමට නම් සීනි ආනයනය කිරීමට ඕනෑම අයෙකුට ඉඩ ලබාදිය යුතු බවත් ඔහු කීය. මේ ආකාරයෙන් අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ද ගෙන්වීමට විවෘතව ඉඩ ප‍්‍රස්ථාව ලබාදීම කළහොත් වෙළෙඳපොළේ භාණ්ඩ මිල යම් තරමකින් හෝ අඩු කර ගත හැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment