මිල පාලන ගැසට් වලට එරාන්ගේ විරෝධය

115

රටේ වෙළෙඳපොළ ආර්ථිකයක් පවතින මේ යුගයේ ඉල්ලුම හා සැපයුම අනුව භාණ්ඩ මිල තීරණය කිරීම ට ඉඩ හරිනවා විනා මිල පාලනය කිරීම හා ඒ සඳහා ගැසට් පත් නිකුත් කිරීමෙන් සිදුවන්නේ භාණ්ඩ සඳහා කෘතිම හිඟයක් ඇතිවීම යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. ආහාර උද්දමනය තිබෙන රටවල් 5 අතරට ශ්‍රී ලංකාව ද මේ වන විට ඇතුළත්වෙලා තිබෙනවා. අපි ඉන්නේ ඉතියෝපියාවටත් පහළින් ය. පාරිභෝගික ජනතාවට මස් මාළු පරිභෝජනය කිරීම ගැන සිතන්නටවත් බැරි තරම්ය. දැන් බිත්තර මිල ද අහස උසට නැගලාය. රජය පාරිභෝගික අධිකාරි පනත යටතේ බිත්තරවලට පාලන මිලක් නියම කරමින් ගැසට් පත්‍රිකාවක් නිකුත් කර තිබෙනවා. අද රටේ තිබෙන්නේ වෙළෙඳපොළ ආර්ථිකයක් බැවින් ගැසට් මගින් මිල පාලනයක් කිරීම යනු යල්පැන ගිය ක්‍රමවේදයක් බව රජය වටහා ගත යුතු යැයි හෙතම අවධාරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment