මිල බැලන්ස්‌ කරන්න අත්‍යවශ්‍ය ආහාර රටින් ගේන්න වෙනවාමයි

176

සීනි, පරිප්පු, කිරිපිටි, අල, ලූනු, හාල් මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙරටට ආනයනය නොකළහොත් වෙළෙඳපොළේ ඒවායේ මිල වැඩිවීම නොවැළැක්විය හැක්කක් වනු ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනය ලොව කිසිදු රටකට කළ නොහැක්කක් බවත් මේ මොහොතේ මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ රැුසක මිල පාලනය ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇත්තේ ඒවායේ උපරිම සිල්ලර මිල නියම කිරීමේ අරමුණින් බවත් ඇමැතිවරයා පැවසීය.

 මෙරට ගෑස් නිෂ්පාදනය නොකරන නිසා ලෝක වෙළෙඳපළේ මිල නියමයන් සමග යා යුතුව ඇතැයි ද කී හෙතෙම සහල් මිල සම්බන්ධයෙන් තමන් කෘෂිකර්ම ඇමැතිවරයා සහ මෝල් හිමියන් සාකච්ඡුා කර ලබාගත් ඇතැම් තීරණ සහ පොරොන්දු කැබිනට් මණ්ඩලයේ තීන්දු නිසා ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ද සඳහන් කළේය.

 නිදහස් වෙළෙඳ ප‍්‍රතිපත්තීන්ට බාධා කිරීමට යෑමෙන් භාණ්ඩ මිල වැඩිවන බවත් 1977 සිට දිගින් දිගටම භාණ්ඩ ආනයනයට යොමුවීමෙන් මෙරටින් මුදල් විදේශයනට ගලා ගියත් ඒවා නැවත රට තුළට නොපැමිණි බවත් වෙළෙඳ ඇමැතිවරයා කියා සිටියේය.

 පවතින මිලටත් වඩා සීනි මිල වැඩි වුවහොත් එයට විකල්ප තමන් සතුව ඇතැයි කී ඇමැතිවරයා ලබන සතියේදී සීනි ආනයනය කිරීමටත් වරායේ සිරව ඇති සීනි බහාලූම් නිදහස් කර ගනිමින් වෙළෙඳ පොළ සීනි තදබදය අවම කිරීමටත් පියවර ගන්නා බව ද පැවසීය.

 පාරිභෝගික ජනතාවට මෙතෙක් ලබාදුන් මිලටම සතොස හරහා සුදු සීනි සහ දුඹුරු සීනි ලබාදීමට ක‍්‍රියාකරන බවත් කී වෙළෙඳ ඇමැතිවරයා සතොසින් සීනි ලබාගෙන එළියේ ජාවාරම් කරන පිරිසක්ද සිටින බව අනාවරණය කළේය.

 සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment