මිල සූත්‍රය නැතිව ඖෂධ මාෆියාවක්!

99

ඖෂධ මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම වළකා ඒ වෙනුවට මිල පාලන සූත්‍රයක් යෙදීමෙන් ඖෂධ මාෆියාව බිහිවී රෝගී ජනතාවට බෙහෙතක් මිලදී ගැනීමට වත් නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඖෂධවල මිල අධිකවීම නිසා බෙහෙත් රැගෙන යෑමට ෆාමසිවලට එන ඇතැම් රෝගීන් මිල විමසීමෙන් පසුව බෙහෙත් මිලදී ගැනීමෙන් වැළකී සිටින බවත් ඇතැම් රෝගීන් බෙහෙත්වලින් කොටසක් පමණක් රැගෙන යන බවත්, මුදල් නොමැති කම හා අධික මිල හේතුවෙන් ෆාමසිවලින් ඇතැමුන් ණයට පවා බෙහෙත් ඉල්ලා සිටීමද කනගාටුදායක තත්ත්වයක් බවත් එම සංගමයේ ලේකම් අනුරුද්ධ රණවක මහතා කියා සිටී.

2015 අංක 5 දරන ජාතික ඖෂධ අධිකාරි පනත මගින් සෞඛ්‍ය මිල සූත්‍රයක් ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත නියම වී ඇතත් එම නියමයන් පසෙකලා ඖෂධ වර්ග සියයක් පමණ පාලන මිලකට යටත් කොට තිබුණ බව පවසන ඔහු එම ඖෂධ මිල ගණන්වල නිගමනයකට ආවද, වෙළෙඳ නාම හත්දහස් තුන්සියයක් යටතේ ඇති ඖෂධ වර්ග 1200 ක පමණ මිල අධික ලෙස ඉහළ ගොස් ජනතාව කබලෙන් ළිපට වැටී තිබෙනවා යැයිද කීය.

සියලුම ඖෂධ වර්ග රාජ්‍ය ආයතන මගින් ගෙන්වා පෞද්ගලික අංශ වෙත බෙදාහැරීම කළ හැකි බවද එමගින් රජයටත් විශාල මුදලක් ඉතිරිවී ජනතාවට සහනදායී මිලකට ලබාගැනීමට හැකි බවද ඔහු පවසයි.

ධම්මික සල්වතුර

advertistmentadvertistment
advertistmentadvertistment