‘මිස්ටර් මැජික්’ට එරෙහිව අපචාර නඩු 2ක්

919

මීගමුවේ ප‍්‍රධාන පාසල් රැසක බාලවයස්කාර ළා බාල සිසුනට මැජික් කලාව ප‍්‍රගුණ කරවන බවට රවටා තම නිවසට කැඳවාගෙන ගොස් එම සිසුන්ට අතවර කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා 10 ක් ලබා සිටින මීගමුවේ ‘මිස්ටර් මැජික්’ නමැති මැජික් ශිල්පියාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩු 5න් නඩු 2 ක් මීගමුව මහාධිකරණ විනිසුරු ආර්. ඞී. පී. පී. රත්නායක මහතා හමුවේ 23 දා විභාගයට ගන්නා ලද අවස්ථාවේ සිද්ධියට අදාළ වෛi වාර්තා කැඳවීමට නියෝග කෙරෙණි.

මැජික් ශිල්පියාගේ ළමා අපචාර ක‍්‍රියා සම්බන්ධයෙන් මීගමුව ප‍්‍රදේශයේ කිතුනු පියවරුන් විසින් ජාතකි ළමා ආරක්ෂක අධිකාරිය වෙත කළ පැමිණිල්ල අනුව ළමා අපචාර කළ බව කියන මැජික් ශිල්පියාට සහ ඔහුට ආධාර අනුබල දුන් මිතුරන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් අපචාර නඩු පහක් පවරා තිබූ අතර ඉන් නඩු 2 ක් (23 දා) විභාගයට ගැණින. ඒ අපචාර ක‍්‍රියා සිදුවී වසර 14 කට පසුවයි.

රජයේ අධිනීතිඥ අනුශිකා ප‍්‍රනාන්දු මහත්මිය පැමිණිල්ල මෙහෙයවයි. විත්තිය වෙනුවෙන් නීතිඥ සරානි ප‍්‍රනාන්දු මහත්මිය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය අගෝස්තු 20 වැනි දින පැවැත්වේ.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment