‘මිස්ටර් වත්තල’ කායවර්ධන ශූරයෝ

330

වත්තල – හැඳල පවර් ඒෂියන් කායවර්ධන ක‍්‍රීඩා සමාජය සංවිධානය කළ කායවර්ධන ශූරයා තේරීමේ තරගයේ මිස්ටර් වත්තල විවෘත කායවර්ධන ශූරයා ලෙස අයන් හයිඞ් කායවර්ධන මධ්‍යස්ථානයේ පී. ඒ. විරාජ් බුද්ධික තේරී පත්විය. මෙහි අනුශූරයා ලෙස පවර් ඒෂියන් ක‍්‍රීඩා සමාජයේ කසුන් ප‍්‍රියංක සඳමාල් ක‍්‍රීඩකයා තේරී පත් විය. තෙවන ස්ථානය ශක්ති ජිම් හී එම්. තිලක් ශාන්තට හිමි විය.

මිස්ටර් වත්තල පිසික් කායවර්ධන ශූරයා ලෙස පත්වූයේ පවර් ඒෂියන් ක‍්‍රීඩා සමාජයේ මනෝජ් ප‍්‍රනීත් ද, අනුශූරයා ලෙස පවර් ඒෂියන් ක‍්‍රීඩා සමාජයේ සංජු විරාජ් ෆොන්සේකා තේරීපත් විය. තෙවන ස්ථානය පවර් ඒෂියන් ක‍්‍රීඩා සමාජයේ එම්. එම්. නිෂිත ධනංජයට හිමි විය.

‘මිස්ටර් වත්තල’ කායවර්ධන ශූරයෝ

එලෙසම මිස්ටර් පවර් මෑන් ඉන්ටර් ක්ලබ් පිසික් කායවර්ධන ශූරයා ලෙස තේරීපත් වූයේ පවර් ඒෂියන් ක‍්‍රීඩා සමාජයේ සංජු විරාජ් ෆොන්සේකා වන අතර, එහි දෙවන ස්ථානය ලෙස පවර් ඒෂියන් ක‍්‍රීඩා සමාජයේ එම්. එම්. නිෂිත ධනංජය ක‍්‍රීඩකයා පත් විය. තෙවන ස්ථානයද පවර් ඒෂියන් ක‍්‍රීඩා සමාජයේ චාමික ලක්ෂාන්ට හිමි විය.

මිස්ටර් පවර් මෑන් ඉන්ටර් ක්ලබ් බොඩි බිල්ඩින් කායවර්ධන තරගාවලියේ ප‍්‍රථම ස්ථානය කසුන් ප‍්‍රියංක සඳමාල්ට හිමි වූ අතර, දෙවන ස්ථානය මනෝජ් ප‍්‍රනීත්ට ද, තෙවන ස්ථානය අෂේන් ශම්මිකට ද හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment