මිස්ට මැජික්ට එරෙහි නඩු හත ඔක්තෝබර් 09 සහ 10 විභාගයට

445

මීගමුව හා අවට පාසල් රැසක ලාබාල සිසුනට නොමිලේ මැජික් ශිල්පය උගන්වනු ලබන බවට පොරොන්දු වී තවත් දෙදෙනකු සමග එක්වී සංවිධානාත්මක සිසුන් ලිංගික අපචාරවලට ලක් කළ බව කියන ‘මිස්ටර් මැජික්’ නමැති මැජික් ශිල්පියාට සහ ඔහුගේ සහායකයන් දෙදෙනාට එරෙහි නීතිපතිවරයා විසින් පවරා ඇති අපචාර නඩු 7 ඔක්තෝබර් මස 9 සහ 10 යන දෙදින තුළ විභාගකිරීමට මීගමුව මහාධිකරණ විනිසුරු ආර්. ඞී. පී. පී. රත්නායක මහතා නියෝග කළේය.

 මෙම අපචාර කි‍්‍රයාවලිය පිළිබඳව අධි චෝදනා ලබා සිටි විත්තිකරුවන් වූයේ ප‍්‍රසිද්ධ මැජික් ශිල්පියකු වන මීගමුව තිඹිරිගස්කටුව පේ‍්‍රමචන්ද්‍ර වත්තේ පදිංචි විවාහකයකු වන එච්. එම්. ලක්රුවන් සුජීව නොහොත් ‘මිස්ටර් මැජික්’ (52*, මුළුතැන්ගෙයි සහායකයකු වූ (කිචන් හෙල්පර්* ජේ. ඞී. සුරංග නදීශ කුමාර (42* සහ ඉඳුරුව සැකලම පදිංචි එම්. එල්. හරේන්ද්‍ර කුමාර (42* නමැත්තන්ය.

 පැමිණිල්ල අනුව මෙම මැජික් ශිල්පියා කාලාන්තරයක සිට අපචාර කි‍්‍රයාවලිය පවත්වා ගෙන ගොස් ඇත. මෙම අපචාර කි‍්‍රයාවලිය පිළිබඳව දැනගත් මීගමුව ප‍්‍රදේශයේ පූජකවරුන් සහ විදුහල්පතිවරුන් අපචාර කි‍්‍රයාවලිය පිළිබඳව ජාතික ළමා රක්ෂක අධිකාරිය සහ රජයේ වගකිවයුත්තන් දැනුවත් කර ඇත. ඒ අනුව අත්අඩංගුවට ගත් මැජික් ශිල්පියා සහ ඔහුගේ සහායකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කොට තිබිණි. රජයේ අධිනීතිඥ රන්දිමා ප‍්‍රනාන්දු මහත්මිය පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ පි‍්‍රයන්ත ජනකසිරි සම්පාය මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය ඔක්තෝබර් 9 සහ 10 යන දිනවල පැවැත්වේ.


මීගමුව සමුහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment