මිස් ටුවරිසම් 2022 ගෝලීය සංදර්ශනය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ

57

ඡායාරූපය සහ සටහන ජූඩ් ඩෙන්සිල් පතිරාජ

එළැඹෙන දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන මිස් ටුවරිසම් – 2022 ගෝලීය සංදර්ශනය මෙර වැටී ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ඇති හොඳම හැරවුම් ලක්ක්‍ෂයක් යැයිද ලෝකයේ රටවල් අප පසුකර ගොස් ඇතැයිද සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

මිස් ටුවරිසම් ගෝලීය ජාත්‍යන්තර තරගාවලිය – 2022 දියත් කිරීම නිමිත්තෙන් කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳ=හන් කළාය. 2019 පාස්කු ප්‍රහාරය, කෝවිඩ් 19 වසංගතය හා ඩොලර් අර්බුදයෙන් අප රට කඩා වැටුණු සංචාරක කර්මාන්තයට හොඳ ප්‍රාණයක් ලබාදීමට මෙම තරගාවලිය අපට ලැබුණු සුවිශේෂී වරමක් යැයිද රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය කියා සිටියාය.

මිස් ටුවරිසම් වර්ල්ඩ් – 2022 ජාතික අධ්‍යක්‍ෂ මලිත් රණසිංහ, ප්‍රධාන උපදේශක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු, ස්පාඤ්ඤයේ මිස් ටුවරිසම් වර්ල්ඩ් – 2022 බෙනඩික්ටෝ ඩෙල්කාමන්, මිස් ටුවරිසම් වර්ල්ඩ් ගෝලීය අධ්‍යක්‍ෂ ඩේවිඩ් රේ, සිලෝන් එක්ස්ටී්‍රම් ඇඩ්වෙන්චර් සභාපති නාත් ධර්මසේන යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් මෙහිදී අදහස් දැක්වුහ.

advertistmentadvertistment
advertistmentadvertistment