මිහිකතගේ රූප සුන්දරිය ‘මිස් අර්ත්’ අවසන් ජයග්‍රාහිකාව තෝරා ගැනීමේ තරගය අද

159

රටවල් 108ක සහභාගිත්වයෙන් මේ වසරේ නොවැම්බර් මස පිලිපීනයේ පවත්වනු ලබන “මිස් අර්ත් 2022” නොහොත් “මිහිකතගේ රූප සුන්දරිය 2022” තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික මිහිකත රූප සුන්දරිය තෝරා ගැනීමේ අවසන් තරගය අද (8) කඳාන ඉකෝ රිසෝර්ට් හිදී පැවැත්වේ. මේ සඳහා රුක් රෝපණය, සිංහරාජ නිවර්තන වැසි වනාන්තර ආශ්‍රිත ක්‍රියාකාරකම් සහ වෙරළ පවිත්‍ර කිරීම ඇතුළු විවිධ පාරිසරික ක්‍රියාකාරකම් රැසක් මඟින් ජාතික තරගයේ ජයග්‍රාහිකාව තෝරාගනු ලබන බව තරගයේ නිල තරග හිමිකම දරන ඔප්‍රින් ලංකා සමාගමේ තරග ජාතික අධ්‍යක්ෂ තුසිත පෙරේරා මහතා සඳහන් කරයි. ඒ අනුව අවසන් වටයට තේරී පත්ව සිටින තරගකාරියන් දස දෙනා අතරින් අවසන් ජයග්‍රාහිකාව තෝරාගනු ලබන බව තුසිත පෙරේරා මහතා සඳහන් කරයි.

මිස් අර්ත් 2022 තරගයට එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන මෙන්ම ලෝක වන ජීවී අරමුදල ඇතුළු පාරිසරික සංවිධාන සහ ආයතන රැසක් දායකත්වය ලබා දෙන අතර, ශ්‍රී ලංකාව මේ සඳහා සහභාගී වන්නේ 13 වැනි වරටය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment