මිහිතලය රැකගන්න ඉන්දීය අගමැතිගෙන් ආරාධනා

96


ඉන්දියාව මිහිතලයෙන් අයුතු ප්‍රයෝජන නොගන්නා බවත් එය රැකගැනීමට කටයුතු කරන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.ඩෙන්මාර්කයේ කෝපන්හේග් නුවරදී එරට අගමැති මෙටී ෆෙඩ්රික්සන් මහතා හමුවූ අවස්ථාවේදී මේ බව කීවේය.මේ වන විට මිහිතලය රැකගැනීමේ අභියෝගයකට ලොව මුහුණදී ඇතැයිද පැවසූ ඉන්දීය අගමැතිවරයා වසර 2070 වන විට ඉන්දියාව පොසිල ඉන්ධන භාවිත සම්පූර්ණයෙන් ඉවත් වන බව කීවේය.් 2030 වසරේදී පොසිල නොවන බලශක්තියෙන් ගිගා වොට් 500ක් නිපදවාගැනීමට පියවර ගන්නා බවත් පැවසූ ඉන්දීය අගමැතිවරයාකාලගුණ වෙනස්කම් වලට මුහුණ දෙන ජනතාව අතර ඉන්දියාවද සිටින බව පැවසීය.එනිසා මිහිතලය රැකගැනීම සඳහා ඩෙන්මාර්ක් ජනතාවද ඉන්දියාව සමග එක්වන්නැයිද ආරාධනා කළේය.

ඉන්දියාව ඩිජිටල් තාක්ෂණ වෙළෙඳ පොළ වෙත දොරටු විවර කර ඇතැයි ද පැවසූ ඉන්දීය අගමැති වරයා මීට වසර 05-ත් 06ත් අතර කාලයකට පෙර ඉන්දීය ජනතාව ඩිජිටල් දත්ත සහිත ජංගම දුරකථන භාවිතය අතින් පසුපසින් සිටි බවත් මේ වන විට ඈත ගම්මානවල දුප්පත් ජනතාව පවා ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බවත් කීවේය.මේ අනුව වත්මන් ඉන්දීය රජය රට තුළ ඩිජිටල් පසුබිමක් සකසා ඇතැයිද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment