මිහිතල කුමරියෝ  මී පැළ සිටුවා  කාබනික පොහොර බෙදා දෙති

132

ශ්‍රී ලංකාවේ  Miss Earth ජාත්‍යන්තර තරගයට පිලිපීනය බලා යයි

රටවල් 108 ක සහභාගිත්වයෙන් මේ වසරේ නොවැම්බර් මස පිලිපීනයේදී පවත්වනු ලබන “මිස් අර්ත් – 2022” නොහොත් “මිහිකතගේ රූප සුන්දරිය” තෝරාගැනීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික මිහිකත රූප සුන්දරිය (Miss Earth 2022)  තෝරාගැනීමේ තරගය මේ දිනවලදී ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

මිහිතල කුමරියෝ  මී පැළ සිටුවා  කාබනික පොහොර බෙදා දෙති

මෙහි අවසන් තරගය ඔක්තෝබර් මස 08 වැනිදා කඳාන වාසනා ඉකෝ රිසෝර්ට් හිදී පැවැත්වෙන අතර තරගය අතරතුර විවිධ පාරිසරික ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර ඇති බව තරගයේ නිල තරග හිමිකම දරන ඔප්‍රින් ලංකා සමාගමේ තරග ජාතික අධ්‍යක්ෂ තුසිත පෙරේරා මහතා සඳහන් කරයි.

මිහිතල කුමරියෝ  මී පැළ සිටුවා  කාබනික පොහොර බෙදා දෙති

ඒ අනුව රුක් රෝපණය, සිංහරාජ නිවර්තන වැසි වනාන්තරය ආශ්‍රිත ක්‍රියාකාරකම් සහ වෙරළ පවිත්‍ර කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාවට නගන බව සංවිධායකයෝ පවසති. ඒ අනුව අවසන් වටයට තේරී පත්ව සිටින තරගකාරිනියන් 10 දෙනාගේ සහභාගිත්වයෙන් ඉකුත් 24 වැනිදා මී පැළ 100 ක් සිටුවීමේ වැඩසටහනක් රාගම- වල්පොල වැව ප්‍රදේශයේදී සිදුකෙරිණි.

මිහිතල කුමරියෝ  මී පැළ සිටුවා  කාබනික පොහොර බෙදා දෙති

ඊට සමගාමීව ප්‍රදේශයේ ගෙවතු ගොවීන් 25 දෙනකු සඳහා කාබනික ගණ පොහොර හා දියර පොහොර බෙදාදීමක්ද සිදුකෙරිණි. මී පැළ සිටුවීමේ වැඩසටහන ජාතික ගොවිජන එකමුතුවේ ප්‍රධාන සංවිධායක අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රමුඛ ජාතික ගොවිජන එකමුතුවේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ අතර, කාබනික පොහොර බෙදා දීම පෙරේරා ප්ලාන්ට් මේට් කාබනික පොහොර සමාගම මගින් සිදුකරන ලද අතර, එම සමාගම මගින් මාස 6 ක් යනතුරු රෝපණය කරන ලද මී පැළ රැකබලාගැනීම සිදුකරන බවද ජාතික අධ්‍යක්ෂ තුසිත පෙරේරා මහතා පවසයි.

මෙම අවස්ථාවට “මිස් අර්ත්” අවසන් තරගකාරියන් 10 දෙනා සමග “මිස් අර්ත්” ජාතික අධ්‍යක්ෂ තුසිත පෙරේරා, ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්, එම ගම්පහ දිස්ත්‍රික් සංවිධායක, බියගම උතුර සිංහ සමාජයේ කලාපීය සභාපති කසුන් පෙරේරා, රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහත්වරුන් හා පෙරේරා ප්ලාන්ට් මේට් කළමනාකාරිත්වය, බියගම උතුර ලියෝ ක්ලබ් සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. මිස් අර්ත් නොහොත් මිහිකතගේ රූප සුන්දරී තරගයට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන හා ලෝක වන ජීවී අරමුදල ඇතුළු පාරිසරික සංවිධාන හා ආයතන, පුද්ගලයන් රැසක් දායකත්වය ලබාදෙන අතර, ශ්‍රී ලංකාව මේ සඳහා සහභාගි වන්නේ 13 වරටය.

සංස්කරණය – ජගත් කණහැරආරච්චි

 

advertistmentadvertistment
advertistmentadvertistment