මිහින්තලය රක්ෂිතයට කාබනික බැල්මක්

382

කාබනික පොහොර නිෂ්පාදනයට මුවාවි අනවසරයෙන් මිහින්තලය රක්ෂිත භූමියක් එළි පෙහෙළි කල පුද්ගලයන් පස්දෙනෙකු සමග ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රයක් අනුරාධපුර දිස්ත්‍රික් වන අඩවි නිලධාරී කාර්යාලය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගනු ලැබීය.

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර දිස්ත්‍රික් වන අඩවි නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ මෙම වැටලීම සිදු කලහ.

මෙම නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යන විටත් එම ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මූලික කටයුතු සිදු කරමින් සිට ඇති අතර එහිදී සැකකරුවන් ඇතුලූ ප්‍රදේශ එළිපෙහෙළි කිරීමට යොදාගත් බැකෝ යන්ත්‍ර අත්අඩංගුවට ගෙන තිබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම කුංචිකුලම ප්‍රදේශය කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා ප්‍රාදේශීය ලේකම් වරයා විසින් තමන්ට අවසර ලබාදී ඇති බව පවසා සිටියද නීත්‍යානුකූල ලිඛිත ලියවිල්ලක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඉදිරිපත් කිරීමට මෙම සැකකරුවන් අපෝහොසත් වීම හේතුවෙන් වන සංරක්ෂණ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment