මිහින්තලා පුදබිමේ නිධන් හෑරූ 11ක් අල්ලයි

320

නිරෝධායන ඇඳිරි නිතිය අස්සේ මිහින්තලා පුදබිමේ රාජගිරිලෙන ආශ‍්‍රිත පුරාවිද්‍යා රක්ෂිතයේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් එකොළොස් දෙනෙක් මිහින්තලේ පොලිසිය විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත පුරාවිද්‍යා නිලධාරින්ද සමග ගොස් පොලිසිය සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර එම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබු නිධන් හැරීමට යොදාගත් උපකරණ හා පුදපුජා පැවැත්වීමට භාවිතා කළ පුජා භාණ්ඩද සිය භාරයට ගත් බව පොලිසිය පවසයි.
පොලිසිය හා පුරාවිද්‍යා නිලධාරින් අදාළ ස්ථානය වැටලීම සිදු කරන විටත් කටාරම් කෙටූ ගල්ලෙනක් අසල අඩි දහයකට වඩා විශ්කම්භයකින් යුත් අඩි පහළොවක් පමණ ගැඹුරට සැකකරුවන් විසින් වළක් හාරමින් සිටි බව මිහින්තලේ පොලිස් ස්ථානයේ ප‍්‍රකාශකයෙකු පැවසිය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් එකොළොස් දෙනාගෙන් තුන්දෙනෙකු අනුරාධපුර පෙරිමියන්කුලමේ පදිංචිකරුවන් වන බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.අනෙක් සැකකරුවන් තිදෙනා එප්පාවල සහ කටියාව යාය 01 යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ බව පොලිසිය පවසයි.
මේ අතර අනෙක් සැකකරුවන් පස්දෙනා කළුතර පනාපිටිය, බදුරලිය, තෙඹුවන ,කඹුරාවල සහ වස්කඩුවේ පදිංචිකරුවන් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එම සියලූ‍ සැකකරුවන් අවුරුදු 23 ත් 35 ත් අතර වයසේ පසුවන අය බවත් පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment