මිහින්තලේ උප සභාපති පොහොට්ටුවෙන් දොට්ට

215

දූෂණ ක‍්‍රියාවක් සිදු කර ඇති බවට චෝදනා ලැබ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කි‍්‍රයා කර ඇත.
 
 එල්ලවී ඇත්තේ ඉතාම බරපතළ චෝදනාවක් බැවින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වය අත්හිටු වූ බව පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා ලිපියක් මගින් ඊයේ (2 දා* ඔහුට දන්වා ඇත.
 
 අදාළ චෝදනා පත‍්‍රය ඉදිරියේදී ලැබීමට සලස්වන බවත්, මින් ඉදිරියට නැවත දැනුම් දෙනතුරු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් හෝ එහි සාමාජිකයකු ලෙස හෝ පෙනීසිටීමට කිසිදු හිමිකමක් නොමැති බවත් එම ලිපියෙන් දැනුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment