මිහින්තලේ එනවනම් ඉන්ධනත් අරගෙන එන්න

198

පොසොන් උත්සව සමයේ අනුරාධපුර සහ මිහින්තලේ සිද්ධස්ථාන වන්දනාමාන කිරීම සඳහා සිය පෞද්ගලික වාහන වලින් පැමිණෙන බැතිමතුන් තමන්ට මුහුණ පෑමට සිදුවිය හැකි දුෂ්කරතාවයන් මග හරවා ගැනීම සඳහා හැකිතාක් ඉන්ධන සපයා ගෙන පැමිණෙන ලෙසට අනුරාධපුර නගරයේ ඉන්ධන පිරවුම්හල් හිමියෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

මේ වනවිටත් අනුරාධපුර නගරයේ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් පවතින අතර මේ නිසා වාහන හිමියන් සහ රියැදුරන් දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටිති.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන දිවයිනේ පිට පළාත් වලින් පැමිණෙන ජනතාව ඒ කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු බවත් එසේ නොවුණොත් නැවත සිය ගම්බිම් බලා යෑමට ඉන්ධන සපයා ගැනීම සඳහා ඉන්ධන පෝලිම්වල රස්තියාදු වීමට සිදුවනු ඇති බවත් ඉන්ධන පිරවුම්හල් හිමියෝ වැඩිදුරටත් කියා සිටිති.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment