මි. මී. 300 ක වැස්සක් නාවොත් අවුලක්

146

මේ මාසයේ දී මිලිමීටර් 300ක – 400ක වර්ෂාවක් නොලැබුණොත් දැනට ජලාශවල පවතින ජලය දැඩි කළමනාකරණයකට ලක්කිරීමට සිදුවන බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජලකළමනාකරණ) ඩී. අඹේසිරිවර්ධන මහතා ඊයේ (01 දා) පැවසීය.

දැනට වාරි ජලාශවල ජල මට්ටම සියයට 50ක මට්ටමක පවතින බවත් එම ජලය විදුලිය නිපදවීමට වඩා කෘෂිකාර්මික කටයුතු සඳහා කළමනාකරණය කළයුතු බවත් ඒ මහතා කීය.

පසුගිය මාස කිහිපයේ හා මේ වනවිට අපේක්‍ෂා කළ ප්‍රමාණයට වර්ෂාපතනය නොලැබුණු බවත් මේ මාසයේ වර්ෂාව ද අපේක්‍ෂා කරන ප්‍රමාණයට නොලැබුණොත් විදුලි නිෂ්පාදනයට මෙන්ම කෘෂිකාර්මික කටයුතුවලටත් ගැටලුවක් මතුවිය හැකි බවත් හෙතෙම කීවේය.

චමින්ද සිල්ව

advertistmentadvertistment
advertistmentadvertistment