මීගමුවත් අවදානම්… සංචරණ නීති වහා කි‍්‍රයාවට නඟන්න

479

කොවිඞ් උවදුර පැතිරීම වැළැක්වීම සඳහා මීගමුව නගරයේ සංචරණ සීමා පනවා ඇතත් එය නොතකන බොහෝ පිරිස් සහ නගරයේ සමහර වෙළෙඳුන්ගේ කි‍්‍රයාකලාපය නිසා කොවිඞ් පැතිර යෑමට නව ප‍්‍රවනතාවයක් ඇතිවී ඇති බැවින් ඒ පිළිබඳව වහා සොයා බලා නිසි පිළියම් යොදන ලෙසට මීගමුව නාගරික ජනතාවගෙන් බහුතරයක් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා නගරයේ ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීමට ලැබී ඇති බලය අනිසි ලෙස භාවිත කරමින් නගරයේ ලීබඩු අලෙවිශාලා, ප්ලාස්ටික් කඩ, හාඞ්වෙයාර් සහ රෙදිපිළි, වෙළෙඳසල් ද විවෘත කර වෙළ\මේ නියුතුව ඇති අයුරු දැකිය හැකි සුලබ දසුනකි. එමෙන්ම මීගමුවේ මාළු වෙළෙඳසල් ද විවෘතව තබන අතර වෙළෙඳසල් විවෘත කර තිබීම නිසා මීගමුව නගරයෙන් බැහැර පිරිස් ද ඔවුනට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට මීගමුවට පැමිණීම පුරුදුකොට ගෙන ඇත. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ විකුණන සමහර වෙළෙඳසල් තුළට පාරිභෝගිකයන්

 ඇතුළුකරගෙන ඉදිරිපස දොර වසා වෙළෙඳාම් කරන අයුරු ද දක්නට ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන සංචරණ නීති වහා කි‍්‍රයාත්මක කිරීමට පියවර ගන්නා ලෙසට මීගමුව නාගරික ජනතාව සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment