මීගමුවෙන් ඔස්‌ට්‍රේලියා පනින්න හැදූ 47 ක් මාට්ටු

170

නාවික හමුදාව මීගමුවට ඔබ්බෙන් වූ බටහිර මුහුදු ප්‍රදේශයේ ඉකුත් 27 වැනිදා රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඔස්‌ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාව එදින දින රාත්‍රියේ මීගමුවට ඔබ්බෙන් වූ බටහිර මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණි. මෙරටින් ඔස්‌ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස්දෙනකු ද ඇතුළුව වැඩිහිටි පිරිමි පුද්ගලයෝ 34දෙනෙක්, වැඩිහිටි කාත්තාවෝ 06දෙනෙක් සහ ළමයින් 07 දෙනෙක් එම බහුදින ධීවර යාත්‍රාව සමග නාවික හමුදා භාරයට ගනු ලැබූහ.

තවද, වයස අවුරුදු 01ත් 50ත් අතර වයසේ පසුවන නාවික හමුදාව භාරයට ගත් සැකකරුවන් පිරිස, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වෙන්නප්පුව, නාත්තන්ඩිය, හලාවත සහ මඩකලපුව යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිසිය වෙත එම පිරිස භාරදීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment