මීගමුවේ කඩපිල්වල නිදාගත්තා… කඩවලින් දුන්න කෑම කෑවා – කවීෂ සඳරුවන් සහ අකිල දිනිඳු පොලිසියට කියති

436

මල්ලි බලාගන්නේ නෑ කියලා මායි මල්ලියි හැමදාම අම්මගෙන් ගුටි කනවා
අපි ගෙදරින් පැනලා ගිහින් වත්තක ගොටුකොළ කඩලා
රුපියල් සීයක් හොයාගෙන මීරිගමට පයින්ම ගියා
පින් සිද්ධ වෙයි ඒ කඬේ ඇන්ටිලාගේ ගෙදරම අපිට ඉන්න ඉඩ සලස්වා දෙන්න

කොටදෙනියාව බාදුරාගොඩ අතුරුදන් වූ කවීෂ හා අකිල  දින 40 කට පසු මීරිගමින් හමු වෙති


‘‘මාමේ අපිව ගෙදරට නම් බාර දෙන්න එපා. අපිට ගෙදර ගියොත් අපිට ගෙදරින් හොඳටම තලනවා…’’

මීට දින 40 කට ඉහතදී අතුරුදන් වූ බව කියන කවීෂ සඳරුවන් සහ (අවු:10) අකිල දිනිදු (අවු:14) යන දරුවන් දෙදෙනා ඊයේ (06දා) මීරිගම පොලිසියට හමුවූ අවස්ථාවේදී එසේ ප‍්‍රකාශ කළේය.

මෙම දරුවන් දෙදෙනා මීට දින හතරකට පමණ ඉහතදී නිවැසියන් විසින් සිදුකරන විවිධ පහරදීම් නිසා නිවසින් පැන ගොස් ඇති බව දරුවන් පොලිසියට පවසා ඇත. ඔවුන් නිවසින් පැනවිත් අසල නිවසක වත්තේ ගොටුකොළ කඩා ගොටු කොළ මිටි විකුණා රුපියල් සියයක් ද රැුගෙන මීරිගම නගරයට පයින්ම පැමිණ ඇති අතර ඉන් පසුව බස් රථයක නැගී මීගමුව නගරයට පැමිණ ඇත. පසුගිය දින 40 තුළම ඔවුන් මීගමුව නගරයේ විවිධ ස්ථානවල රැුඳී සිටිමින් කඩවල අගුපිල්වල ළගිමින් තැන් තැන් වලින් සොයා ගත් ආහාරවලින් සප්පායම් වී සිට ඇති බව පොලිසිය පවසයි.

මීගමුවේ කඩපිල්වල නිදාගත්තා...  කඩවලින් දුන්න කෑම කෑවා - කවීෂ සඳරුවන් සහ අකිල දිනිඳු පොලිසියට කියති

දරුවන්ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් කොටදෙනියාව පොලිසිය පරීක්ෂණ සිදුකළද ඔවුන් සම්බන්ධව තොරතුරක් සොයා ගැනීමට කොටදෙනියාව පොලිසියට නොහැකි වූ අතර පසුව එහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට කටයුතු කර තිබිණි. මෙම පරීක්ෂණ සිදුවෙමින් අතරතුරදී දරුවන් මෙසේ ඊයේ මීරිගමදී හමු වී තිබිණි.

පෙරේදා මීරිගම නගරය වෙත පැමිණ ඇති මෙම දරුවන් දෙදෙනා කෑමට යමක් ඉල්ලමින් නගරයේ ආපන ශාලාවක් වෙත ගොස් ඇත. වෙළඳ සැල හිමි කාන්තාව දරුවන් දෙදෙනා ඇගේ නිවසට කැඳවාගෙන ගොස් අවශ්‍ය ආහාර පාන ලබාදී පසුදින මීරිගම පොලිසියට රැුගෙන විත් බාර දී ඇත.

සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අප අතුරුදහන් වූ බව කියන වයස අවුරුදු දාහතරක් වන අකිර දිනිඳු දරුවාගෙන් විමසූ විටදී ඔහු පැවසුවේ මෙවන් දෙයකි.

‘‘මායි මල්ලියි හිටියේ බාදුරාගොඩ අපේ ගෙදර. අපි හැමදාම අම්මගෙන් ගුටි කනවා. ඒ මල්ලි බලාගන්නේ නෑ කියලා. අපිට හරියට වද දෙනවා. අපි දවසක්දා ගෙදරින් පැනලා ගියා. ඒත් කොටදෙණියාව පොලිසියෙන් අපිව හොයාගෙන ඇවිල්ලා ආයෙත් ගෙදරටම බාර දුන්නා. එදා ඉදන් අපි හැම තිස්සෙම ගුටි කනවා. ඕන දේටයි එපා දේටයි හැම එකටම අපිට තලනවා. ඉතින් මේ පාරත් අපි ගෙදරින් පැනලා ගියා. ඒ අම්මලා මිහිරිගම ටවුන් එකට ආපු වෙලාවේ. අපි ගිහිල්ලා එහා පැත්තෙ ගෙදරක වත්තක ගොටු කොළ කඩලා මිටි හදන ලඟ කඩයකට විකුණලා රුපියල් සියයක් අරගෙන මිරිගමට පයින් පයින් ම ආවා. ඊට පස්සේ අපි බස් එකක නැගලා මීගමුවට ආවා. මීගමුවේ අපි කඩවල්වල අගුපිලවල්වල ?ට නිදිය ගත්තා. කඩවල මාමලා දුන්න කෑම අපි කෑවා. පොලිසියේ මාමලා අපෙන් ඇහුවා ‘මොකද මෙතන කරන්නෙ කියලා…අපි කිව්ව මාම එනකන් ඉන්නවා…’ කියලා කිව්වා. ඊට පස්සේ අපි පෙරේදා මිරිගම ටවුන් එකට ආවා. එහිදී මිරිගම ටවුන් එකේ කඬේකින් අපි බඩගින්නට කෑම ඉල්ලූවා. ඒ ඇන්ටි හරිම කරුණාවන්තයි. එයා අපිට කෑම දීලා අපිව ගෙදර එක්කගෙන ගියා. අපිට අලූත් ඇඳුම් ඇදගන්නට දුන්නා. අපිව පහුවදා උදේම පොලිසියට ගෙනත් බාර දුන්නා. අනේ මාමේ අපිව කොටදෙනියාවෙ පොලිසියට ගෙනෙහින් දාන්ඩ එපා. ආයෙත් අපිව අම්මලාට ගිහිල්ලා බාරදෙනවා පොලිසියෙන්. අනේ පින් සිද්ධ වෙයි පුළුවන්නම් මේ ඇන්ටිලාගේ ගෙදරම අපිට ඉන්න ඉඩ සලස්වා දෙන්ඩ.

කෙසේ වෙතත් මිරිගම පොලිසිය විසින් මේ වන විටත් දරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටදෙනියාව පොලිසියට බාරදුන් අතර ඔවුන් මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා අප පෙරදින දරුවන් නතර වූ බව කියන නැලිගම ප‍්‍රදේශයට ගියෙමු. එහිදී අපට අසන්නට ලැබුණෙ මීට හාත්පසින්ම වෙනස් කතාවකි.

ප‍්‍රදේශවාසීන් පවසන පරිදි මෙම දරුවන් දෙදෙනා මීට දින කිහිපයකට ඉහතදී මෙම නිවසේ සිටිනු දකින්නට ලැබ ඇත. මෙම දරුවන් දෙදෙනා සිටි නිවස කුලී නිවසක් බවත් දැනගන්නට ලැබී ඇත. ප‍්‍රදේශවාසීන් මේ බව විමසීමේදී එම නිවැසියන් පවසා ඇත්තේ මෙම දරුවන් තමන්ගේ ඥාතීන් වන බවත් මෙම දරුවන්ගේ දෙමාපියන්ට කොවිඞ් වසංගතය වැළඳීම නිසා තම නිවසේ රඳවා සිටින බවත්ය. එම නිසා මෙම දරුවන්ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් කිසියම් සැකයක් ඇතිවීමට මෙය හේතු වන බව අපට පෙනී යන්නේය.

කල්එළිය චන්ද්‍රවීර වීර වික‍්‍රමරත්න, සුජාතා ජයරත්න, වේයන්ගොඩ අතිරේක ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment