මීගමුවේ තරු හෝටලයක බූරු පළ වලානෙන් ගොස් වටලයි

140

ව්‍යාපාරිකයන් ඇතුළු 21 ක් දැලේ

මීගමුව ප්‍රදේශයේ තරුපහේ හෝටලයක බූරුවා ගසමින් සිටි බව කියන ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රභූන් 21 දෙනකු වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (29 දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

බූරුවා ගසමින් සිටි පිරිස අතරට පොලිස් උපාය දූතයකු යොදවා වැටලීම සිදුකර තිබේ. එම අවස්ථාවේ එහි තිබූ රුපියල් ලක්‍ෂ පහක පමණ මුදලක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත.

සැකකරුවන් අතරින් ඇතැමුන් නීතියෙන් ගැළවීම සඳහා පොලිසියට විවිධ ඇවටිලි කළත් නීතිය අකුරටම ක්‍රියාත්මක කළ බව පොලිසිය කියයි.
නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment