මීගමුවේ පොලිස් වසම් 5කින් කුඩ්ඩෝ 358 ක් දැලේ

74

මීගමුව පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 05 ක් තුළදී ඉකුත් දා සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වූවන් 358 දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් ප‍්‍රජා පොලිස් කොට්ඨාසය පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත එම මෙහෙයුම සිදු කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ඇඟිලි සටහන් සහ ඡුායාරූප පරීක්ෂා කිරීමේදී දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් හා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 26 දෙනකු හඳුනාගෙන ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත ක‍්‍රියාත්මක යාත‍්‍රාව වැඩසටහන අනුව අත්අඩංගුවට පත් එම සැකකරුවන්ව මනෝ වෛද්‍ය සායනයකට ඉදිරිපත් කර මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් බවට හඳුනාගත් සැකකරුවන් පුනරුත්ථාපනයද කෘෂිකර්මාන්තයට යොමු වීමට කැමති පුද්ගලයින් ඒ සඳහා යොමු කිරීමටද කටයුතු කළ බව බස්නාහිර පළාත් ප‍්‍රජා පොලිස් කොට්ඨාසය වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට පත් පුද්ගලයින් 358 දෙනාගෙන් කොවිඞ් 19 ප‍්‍රතිශක්තිකරණ එන්නත එකඳු මාත‍්‍රාවක් හෝ ලබා නොගත් පුද්ගලයන් 90 දෙනකු හඳුනාගෙන තිබේ. දෙවන මාත‍්‍රාව ලබා නොගත් පුද්ගලයින් 122 දෙදෙනකුද හඳුනාගෙන තිබූ අතර එම පුද්ගලයින්ට මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ දී එන්නත් කරණයට යොමු කිරීමට කටයුතු කර තිබේ.

ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment