මීගමුවේ සිට තිරික්කල්වලින් මඩු වඳින්න ගිය පිරිසක් තන්තිරිමලේදී, බසයක හැපී තරුණයෙක් මරුට

114

තන්තිරිමලය – ඔයාමඩුව මාර්ගයේ, තන්තිරිමලේ රජමහා විහාරස්ථානය ආසන්නයේ පිහිටි මානෙල් වැවේ, වෑකන්ද මත දී බැතිමතුන් පිරිසක් ගමන් ගමන් කළ තිරික්කල් 4ක්, සුඛෝපබෝගී බස්රථයක ගැටී 7දා සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව කුඩා දරුවෙකු ඇතුළු තවත් සිව් දෙනකු තුවාල ලබා ඇති බව තන්තිරිමලය පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට ඇත්තේ, වතුකාමුල්ල, නාත්තන්ඩිය ඩබ්ලිව්. තිසර දිල්ෂාන් නමැති 22 හැවිරිදි තරුණයෙකි.

මීගමුව ප්‍රදේශයේ සිට මඩු දේවස්ථානය වන්දනා කිරීමට තිරික්කල් 6කින් මඩු ප්‍රදේශය බලා බැතිමතුන් පිරිසක් ගමන් කර ඇති අතර, ඉන් තිරික්කල් 4ක් එම වැකන්ද මතදී, මන්නාරම සිට පුත්තලම බලා අවමංගල්‍ය කටයුත්තකට සහභාගි වීමට ගමන් කළ පිරිසක් රැගත් සුඛෝපභෝගී බස් රථයක ගැටී අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ කුඩා දරුවකු ඇතුළු පස්දෙනකු තන්තිරිමලේ ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, එක් අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුරින් තිරික්කල් වල බැඳ සිටි ගවයන් 4 දෙනකු තුවාල ලබා ඇති අතර එක් ගවයෙකුගේ අඟක් කැඩී ගොස් අනිත් ගවයන්ගේ මුහුණට සහ පාදවලට තුවාල සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

බස් රථ රියැදුරාගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම මාරක අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් බස් රථ රියැදුරා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

තන්තිරිමලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. එම්. එස්. එදිරිසිංහ මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ නිලධාරීහු අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

advertistmentadvertistment
advertistmentadvertistment