මීගමුව හෝටලයකදී බි‍්‍රතාන්‍ය යුවතියට අතවර කළ සැකකරු වරද පිළිගනියි

376

මීගමුව සංචාරක පුරයේ තමා නවාතැන් ගෙන සිටින සංචාරක හෝටලය කරා යමින් සිටි බි‍්‍රතාන්‍ය ජාතික අවිවාහක රූමත් යුවතියකට දෙවරක්ම බලෙන් ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඞ් භාරයේ පසුවූ ශී‍්‍ර ලාංකික තරුණයකු, විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා මගින් වරද පිළිගැනීම සැලකිල්ලට ගත් මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය සැකකරු රුපියල් දසලක්‍ෂය බැගින් ශරීර ඇප දෙකක් මත රිමාන්ඞ් භාරයෙන් මුදාහැරීමට නියෝග කළාය.

ලිංගික අතවර චෝදනා ලබා වරද පිළිගෙන ඇප නියමවූ සැකකකරු වූයේ මීගමුව ඒත්තුකාල පදිංචිකරුවෙකි. මෙම සැකකරු රිමාන්ඞ් බන්ධනාගාරය මගින් අධිකරණය හමුවට පැමිණවූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවූ මීගමුව පොලිසියේ කාන්තා සහ ළමා කාර්යාංශයේ ස්ථානාධිපති උ.පො.ප. සකිහා හසිම් මහත්මිය විසින් ඉදිරිපත් කළ කරුණු අනුව ලිංගික අතවරයට ලක්ව ඇත්තේ නටාෂා පැට්සන් නමැති බි‍්‍රතාන්‍ය ජාතික 25 හැවිරිදි අවිවාහක රූමතියකි.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment