මීගහවෙල සුමනශාන්ත හිමියෝ අපවත් වෙති – ලස්සනට පිපුණ වන මල්…. එපා එපා මස් කන්නට…… රූසිරිය ඈගේ………. වැනි ගී ලියූ

451

ප‍්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් ගායනා කරන ‘‘ලස්සනට පිපුණු වනමල්’’, ‘‘එපා එපා මස් කන්නට කිරි අම්මාගේ’’, වර්ණන් පෙරේරා ගායනා කරන ‘‘රූසිරිය ඈගේ’’, සී. ටී. ප‍්‍රනාන්දු ගායනා කරන ‘‘මුතු මැණිකේ උදේ රැයින්’’ වැනි ජනපි‍්‍රය ගීත ඇතුළු තවත් ගීත රචනා කළ ගිරිඋල්ල බෝපිටිය ශ‍්‍රී සුදර්ශනාරාම රජමහා විහාරාධිකාරි කිවිපති අතිපූජ්‍ය මීගහවෙල සුමනශාන්ත හිමිපාණෝ අපවත් වූහ.

උන්වහන්සේ ගිහිකල සරත් මුණසිංහ නමැති ප‍්‍රකට කවියකු ලෙස සිටියදී ‘‘මධු බිංදු’’ නමැති ගී පොත සංස්කරණය කර ඇති අතර, ජ්‍යොතිර්වේදියකු ලෙස ද කටයුතු කර ඇත.

පසුව පැවිදි දිවියට ඇතුළත් වූ උන්වහන්සේ නිහාල් නෙල්සන් හා එක්ව වාර්ෂිකව ගව අභයදාන වැනි පිංකම් රාශියක් සිදු කළහ. අපවත්වන විට 76 වැනි වියේ පසුවූ උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ගිරිඋල්ල බෝපිටියේදී ඊයේ සවස සිදු කෙරිණි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment