මීටර් 400 කඩුලු පැනීමේ ජාතික ශූරිය දිවි නසා ගනී

840

ශූරතාව ලබාගෙන  පැය 48ක් යන්නටත් මත්තෙන්

මීටර් 400 කඩුලු පැනීමේ ජාතික ශූරිය දිවි නසා ගනී


මරණයට හේතුව තවමත් අභිරහසක්

මීටර් 400 කඩුලු පැනීමේ ජාතික ශූරිය දිවි නසා ගනී

පැති කිහිපයක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

නිමාවට පත්වූ 100 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 400 කඩුලු පැන දිවීමේ ජාතික ශූරිය බවට පත් වූ ආසියානු පදක්කම් ලාභී ක්‍රීඩිකාවක වන කෞෂල්‍යා මධුෂානි දුම්මලසූරිය පිහිටි සිය නිවස තුළදී ඊයේ (24 වැනිදා) ගෙල වැලලාගෙන මියගොස් තිබේ. මෙම මියයෑම දිවි නසා ගැනීමක් බවට පොලිසිය සැක පහළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලිසිය පැති කිහිපයක් ඔසසේ මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මීටර් 400 කඩුලු පැනීමේ ජාතික ශූරිය දිවි නසා ගනී

දුම්මලසූරිය, තෝරබිත්තිය, පඩිවෙල පදිංචිව සිය නිවසේ පදිංචිව සිටි කෞෂල්‍යා මධුෂානි එම නිවස තුළදී ඊයේ උදෑසන 11ට පමණ ගෙල වැලලාගෙන මියගොස් සිට ඇති බවට වාර්තා වේ. ඒ අනුව මෙම සිද්ධිය ඝාතනයක්ද සිය දිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳ සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවට පොලිස් ප්‍රකාශකයෙක් ‘දිවයින’ට කියා සිටියේය.

මියයන විටදී 26 වැනි වියේ පසු වූ කෞෂල්‍යා මධුෂානි පෙරේදා (23 වැනිදා) දියගමදී නිමාවට පත් වූ 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්වේ ජාතික ශූරිය බවට පත්වූවාය. එහිදී සිය ක්‍රීඩා දිවියේ හොඳම කාලය වාර්තා කිරීමට සමත්වූ ඇය එම ඉසව්ව තත්පර 58.73කින් නිමා කරමින් එම දස්කම දැක්වීමට සමත්වූවාය.

කුලියාපිටිය මැදි විදුහලෙන් ක්‍රීඩා කේෂ්ත්‍රයට පිවිසි කෞෂල්‍යා මධුෂානි ජාත්‍යන්තර තරග මලල ක්‍රීඩා තරග කිහිපයකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් දිනා ගැනීමට සමත්වී ඇති ක්‍රීඩිකාවකි. ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් තරග වැදුණු ඇය 2019 නේපාලයේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේදී රිදී පදක්කම දිනා ගැනීමට සමත්වූවාය. 2014 ආසියානු කනිෂ්ඨ ශූරාතවලියේදී රිදී පදක්කම දිනා ගැනීමටද ඇය සමත්වී තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

ඡායාරූප – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment