මීඩියා ඇවිල්ලා…

154

‘‘…ඔන්න ඕක තමයි මැනේජර් මහත්තයා අපේ රටේ තියෙන අලූත්ම ටෙ‍්‍රන්ඞ් එක… බොහොමයක් මිනිස්සු කැමරාවක් දැක්කම ර`ගනවා… නැත්නම් මෙන්න මේ වගේ ඈනුම් ඇර ඇර ඉන්නවා. වැරදිලාවත් දැන් මෙතනට මීඩියා සෙට් එකක් බැස්සොත් බලා ගන්න තිබුණා අපේ කට්ටිය ෆෝම් වෙන හැටි……

 ‘‘..සමාවෙන්න සර්… කොල්ලො කිසි කෙනෙක් කැමති නෑ කෑන් උස්සගෙන ගිහින් ඞීසල් පෝළිමේ ඉන්න… එයාලා කියන්නෙ තානායමේ ගේට්ටුවෙන් ඇතුළෙ නම් ටොයිලට් වළ වුණත් ඉහළා දෙන්නම් ලූ තනතුර අදාළ තානායමට නිසා… ගේට්ටුවෙන් එළියට ගිහින් වරු ගණන් ඞීසල් පෝළිම් වල තපින්න නම් කීයටවත්ම බැහැයිලූ…..

 පිළිගැනීමේ නිලධාරිණී නදීරා බෙල්ල ඇල කරගෙන ශෝකී ස්වරයෙන් කියනවා.

 මගේ පපුව හිරිවැටිලා ගියා.

 රාජකාරි සීමාවන් මොනවා වුණත් එක පත බෙදාගෙන එක ටැප් එකේ වතුර බීපු සේවක පිරිසක් දැවැන්ත ආයතනික ගැටලූවක් හමුවේ ආයතන ප‍්‍රධානියා ඒ වගේ වෘත්තීය අයිතිවාසිකම් පාඨ යොදාගෙන අසරණ කරන එක මොන තරම් අමානුෂිකද කියලා මට හිතුණා.

 ‘‘…ඒකත් එහෙමද?…..

 මගේ මුවින් සංවේගී සුසුමක් පිට වුණා.

 නදීරා දුක්මුසු මුහුුණින් මා දිහා බලාගෙන හිටියා.

 ‘‘…මොනවා කරන්නද සර්… මට පුළුවන් දෙයක් නම් මම කරලා දෙනවා. මට තියෙන අප්සට් එක මේකයි… කරන්න බැරිම දෙයක් වුණත් ඒක සර්ට දැනුම් දෙන ක‍්‍රමයක් තියෙනවා නේ…..

 නදීරා බිම බලාගෙන බිදුණු හ`ඩින් කීවා.

 ‘‘…කමක් නෑ නදීරා බලවන්තයා දිනන දුබලයා පරදින දැක්මක් ලෝකයම වැළ`ද ගනිද්දි අපේ තානායම විතරක් ¥ෂිත අදහස් වලින් නොපිරී තියෙන එකක් නෑ.

 ‘‘..ඒ කොහොම වුණත් එක පැත්තකින් බැලූවම ස්ටාෆ් එකේ මතයත් හරි… මොකද මට මතකයි එක වතාවක් අපේ හෙඞ් ඔෆිස් එකෙන් යෝජනාවක් ආවා තානායමේ වේටර්ලාට තල්ලූ කරගෙන යන බන්දේසි හදලා දීලා… ඒ බන්දේසි වල තියලා සීගිරි ගල ළ`ග ඉඳන් දෙස් විදෙස් සංචාරකයන්ට තානායමේ පිළියෙල කරපු ලන්ච් පැකට් විකුණන්නය කියලා…..

 ‘‘…මොනවා… ලන්ච් පැකට් විකුණන්න… සීගිරි ගල ගාව…?…

 නදීරා විමතියෙන් අහනවා.

 ‘‘…ඔව්… ඔව්… ඉතින් මට මතකයි එදා ඒ තානායමේ ඉ`දපු ස්ටාෆ් එකත් ඒ වෙලාවෙ සපුරා විරුද්ධ වුණා හෙඞ් ඔෆිස් එකේ ඒ තීරණයට… කොල්ලො බැහැම කීවා… නමුත් නදීරා මෙතන තියෙන්නෙ ඊට වඩා සංකීරණ තත්ත්වයක්…..

 ‘‘…ඒක නේන්නම් සර්… වත්තෙ වැඩ කරන ලේබරුයිි.. පැන්ටි‍්‍රයෙ සමරෙයි දෙන්නම ඔමික්‍රෝන් වෙලා නිසානේ එයාලාට ඞීසල් ගේන්න පුළුවන්ද කියලා අපි ඇහුවේ… මාර ළමයි තමයි දැන් ඉන්නෙ…..

 නදීරා දිගින් දිගටම කනස්සලූ වෙනවා. මම ජංගම දුරකථනය අතට අරගෙන අපට සේවා සපයන ත‍්‍රිරෝද මල්ලි කෙනෙකුට ඇමතුමක් ගත්තා.

 ‘‘…රංජිත් මල්ලි… තානායමේ ජෙනියට ඞීසල් ඕන වෙලා තියෙනවා. අදත් පැය හතක් කැපෙනවා නේ… ෆී‍්‍රසර් වල ලෝඞ් කරගෙන තියෙන චිකන් ෆිෂ් ටික බේර ගන්න ජෙනිය නැතිව බෑනේ… යමු ෂෙඞ් එකට විස්සෙ කෑන් දෙකකට ඞීසල් ටිකක් ගේන්න… බයවෙන්න එපා… හයර් එකට අමතරව වේයිටිං වලට මම ඩබල් ගෙවනවා…..

 මම අපේ ත‍්‍රී වීල් රංජිත්ට බැගෑපත් හ`ඩින් කීවා.

 ‘‘..රායිට් සර්… නියම වෙලාවට කතා කළේ… මගේ වීල් එක පෙට‍්‍රල් නේ ඒ නිසා මම ඞීසල් පෝළිමේ රස්තියාදු වෙන එකේ තේරුමක් නෑ… මම අපේ ඞීසල් වීල් මල්ලි කෙනෙක් එවන්නම්… සර් ම යන නිසා අවුලකුත් නෑනේ.. රෙඩි වෙලා ඉන්න සර්… මේ දැන් එවන්නම් වීල් එකක්…..

 හිස් බූලි දෙකත්් පටවාගෙන මා රැුගත් ඞීසල් තුන්රෝද රිය පවනට බ`දු වේගයෙන් නගරයේ ඉන්ධන පිරවුම් හල සොයා ඉගිල ගියා.

 ‘‘…හෝව්… හෝව්… වීල් එකටද?… කෑන් වලටද? වීල් නම් වාහන පෝළිමට සෙට් වෙන්න… කෑන් නම් කෑන් පෝළිමට සෙට් වෙන්න…..

 ඉන්ධන පෝලිම හසුරුවන්නකු අපේ මග හරස් කර උපදෙස් සැපයුවා. එබ`දු මෙහෙයවන්නන් බහුලව ටෙලිවිෂන්් චැනල් වල දැක ඇති නිසාදෝ අපි වහා ඒ හ`ඩට අවනත වුණා.

 ‘‘…සර්ට බෑනේ කෑන් දෙක තියන් පෝළිමේ ඉන්න… ඒ නිසා මං කෑන් දෙක තියන් ඉන්නම්… සර් වීල් එක ඇතුලෙ වාඩි වෙලා ඉන්න… බවුසරේ ළ`ගම එනවලූ…..

 අපේ ත‍්‍රී වීල් රංජිත්ගේ මා නා`දුනන ඞීසල් වීල් සගයා අපේ රංජිත් මෙන්ම මට ලෙංගතු වුණා.

 ඉන්ධන පිරවුම් හළ ඊස් මීස් නැත. නිතර පහේ ටෙලිවිෂන් වල දකිනා වාහන කන්දරාව මෙහිද එලෙසමය. එහෙත් මිනිසුන් නිහ`ඩය. එකිනෙකා කතා බස් කරනවා වත් එහෙමකට පෙනෙන්නේ නැත. මිනිසුන් කතා නොකරන්නේ කතා කොට අවසන් නිසාද?

 මම ඒ ගැන කුතුහලයෙන් වටපිට බැලූවා.

 ‘‘…අප්පට සිරි… මැනේජර් මහත්තයත් ඞීසල් පෝළිමට ඇවිල්ලා… ඒකත් හරි තමයි ගෙස්ට්ලා කලූවරේ තියන්න බෑනේ…..

 තානායමට නිතර යන එන හාඞ්වෙයාර් ව්‍යාපාරිකයෙකු මා දැක ළ`ගට ආවා.

 ‘‘…දැන් ගබඩාවෙ සිමෙන්ති තියෙනවා… ගේන්න යන්න ඞීසල් නෑ… මහත්තයලටත් ලයිට් නැතිව බෑනේ නේද?….

 හාඞ්වෙයාර් හිමියා දොඩමලූ වනවා.

 ‘‘…ගෙස්ට්ලා කලූවරේ ඉන්න එකට වඩා ගැටලූව ලයිට් නැති වුණාම පාර් වතුර ලයින් එකේ වතුර නැති වෙනවා.. එතකොට ළිදෙන් පම්ප් කරන්න ජෙනිය තියෙන්න ඕනෑ… ඒ වගේම ඉස්සරහට තියෙන වෙඩින් වලට ගත්තු මස් මාලූ ෆ‍්‍රීසර් වල ගොඩ ගහලා… ඒකයි ලයිට් නැතිවම බැරි ප‍්‍රධානම අවුල…..

 මම කියාගෙන ගියා.

 ඞීසල් පෝළිම තවමත් එහෙමම ය. කිසිවකුත් කතා බහක් නැත.

 ‘‘…මිනිස්සු මාර සයිලන්ට් නේද?… නමුත් ටී වී එකේ පෙන්නන්නේ පෝළිම් වල වළි දාගන්න හැටි නේද?…..

 මම හාඞ්වෙයාර් මිතුරාගෙන් සොෆ්ට් පැනයක් විමසුවා.

 ‘‘…ඔන්න ඕක තමයි මැනේජර් මහත්තයා අපේ රටේ තියෙන අලූත්ම ටෙ‍්‍රන්ඞ් එක… බොහොමයක් මිනිස්සු කැමරාවක් දැක්කම ර`ගනවා… නැත්නම් මෙන්න මේ වගේ ඈනුම් ඇර ඇර ඉන්නවා. වැරදිලාවත් දැන් මෙතනට මීඩියා සෙට් එකක් බැස්සොත් බලා ගන්න තිබුණා අපේ කට්ටිය ෆෝම් වෙන හැටි……

 ‘‘…ටී‍්‍රක්… ටී‍්‍රක්…..

 හාඞ්වෙයාර් මිතුරාගේ පේ‍්‍රරණය වූ කටහ`ඩ යටපත් කරමින් මගේ ජංගම දුරකථනය නින්නාද දුන්නා.

 ‘‘…සර් මං ප‍්‍රියානි… චුට්ටක් කතා කරන්න පුළුවනි නේද?…..

 ‘‘…ඔව් ප‍්‍රියානි කියන්න…..

 අපේ තානායමට මනමාලියන් අන්දන්නට නිතර ආව ගිය රූපලාවන්‍ය ශිල්පිණියකගේ සහායිකාවක් ලෙස එම ශිල්්පිණියගේ අඩුම කුඩුම කට්ටල ඔසවාගෙන ආ ගිය ප‍්‍රියානි මා සමග හිතවත් වුණේ ඇය තානායමේ කා සමගත් හිතවත් ඇසුරක් පැවැත්වූ නිසයි.

 ‘‘…සර්ට මං එදා කිව්වා නේ ඒ මනුස්සයට මං කොච්චර ආදරෙන් හිටියද කියලා…..

 ඇය නැවතත් පෙරේදා නතර කරපු තැනට ඒ රිද්මයෙන්ම ඒ ස්වරයෙන්ම පිවිසෙනවා. ඞීසල් පෝලිමට උඩින් අහසේ හිරු ගිණි ගන්නවා.

 ‘‘…සර්ට මං කීවා නේ… ඩිවෝස් එකේ තීන්දුව ලැබුණාම මං ඒ ගෙදරින් බැහැලා ආවෙ දෙවෙනි දවසෙ සාරියයි මුද්දයි හිටං ඒ මනුස්සයා අතටම ආපහු දීලා නේ සර්……

 ‘‘..ඉතිං මම සර්ගෙන් අහන්නෙ මෙච්චරයි… මට ආපු අලූත් යෝජනාවෙ මහත්තයට ඒ පරණ කතාවෙ විස්තර දැන්ම කියන්න එපා කියල?…..

 ඇය මගෙන් අහනවා. වාහන නලා හ`ඩ ඇම්බියුලන්ස් සයිරන් හ`ඩ අතරේ තවත් ගැහැනියක් විසිරුණු ජීවිතයක කෑලි පුරුද්දන්න මගෙන් මැලියම් ඉල්ලනවා.

 ‘‘…ඇයි ඔයා ඔය තරම් ඉක්මන් වෙන්නේ… සිද්ධ වෙන්න ඕනෑ ඔයාගෙ අතීත කතාව පුලූවන් තරම් ඉක්මනට එයාට කියන එක නෙමෙයි… ඒ මනුස්සයගෙ අතීත කතාවයි අනාගත අරමුණුයි හැකි තරම් ඉක්මනට ඔයා දැන ගන්න එකයි මට හිතෙන්නේ…..

 මම මේ අලකලංචියක් මැද්දෙම උපදෙස් දෙනවා.

 ‘‘…තුන්වෙනි එකෙන් පස්සෙද මංදා මම කෙට්ටුත් වේගන එනවා සර්.. දැන් ඉතින් අපේ බහින වයස නේ සර්….

 සිය ගණනක් මනාලියන්ගේ රූ සපුව හැඩ වැඩ කිරීමට ජීවිතය කැප කළ ඇයට ඇගේ දෙවන විවාහය වන විට ඇගේ රූපලාවන්‍යය අවදානමට ලක්ව ඇතැයි තැවෙන්නට සිදුවීම දෛවයේ සරදමක් නොවේද?

 ‘‘.පීප්… පීප්… පීප්… හලෝ මේ… පෝළිම පනින්න එපා. සක්ක ගහන්න එන්න එපා… හරී… පීප්… පීප්… අඩෝ මේ… සිංගල තෙරියමා…..

 එකවර දසතින් ගෝසාවක් නැගෙන්නට පටන් ගත්තා. ප‍්‍රියානිගේ කටහ`ඩ දුරකථනයේ මැකී ගොස් තිබුණා.

 ‘‘..මොකද්ද කළබලේ ඞීසල් ඇවිල්ලද?…..

 මම කාගෙන්දෝ ඇහුවා.

 ‘‘…නෑ…නෑ… මීඩියා ඇවිල්ලා…..



 රන්ජන් ගාමිණී ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment