මීරිගම පල්ලෙපොළ රේල් පාර ගිලා බසී

532

* අද එම මාර්ගයේ දුම්රිය  ධාවනය සීමා කෙරේ

මීරිගම සිට කොළඹ දෙසට ගමන් ගන්නා දුම්රිය මාර්ගයේ මීරිගම සහ පල්ලේපොල අතර දුම්රිය මාර්ගයේ එක් ස්ථානයක් ඊයේ (14 දා) ගිලා බැසීමට ලක්වී ඇති නිසා අද (15 දා) එම මාර්ගයේ දුම්රිය ධාවනය සීමාවිය හැකි බවද දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

මෙම ගිලා බැසීම හේතුවෙන් ඒ අසල ඇති අනෙක් දුම්රිය මාර්ගයද අවදානමට ලක්වී ඇති නිසා දුම්රිය ධාවනය තාවකාලිකව ඊයේ (14 දා) නතර කර මාර්ග පිළිසකර කිරීමට දුම්රිය සේවකයන් කටයුතු කරමින් සිටින බවද ඔහු කීය.

මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනය වේයන්ගොඩ දක්වා පමණක් සිදුකළ බවත් අද (15 දා* දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකි වුවහොත් සවස් කාලයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට අදහස් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා ,සුජාතා ජයරත්න සහ කල්එළිය -චන්ද්‍රවීර වික‍්‍රමරත්න
 

advertistmentadvertistment
advertistmentadvertistment