මීවනපලාන මහ විද්‍යාලයේ 8 ශ්‍රේණියේ පබසරගෙන් පාසලටම විදුලිය දෙන්න නව නිපැයුමක්

1458

මීවනපලාන මහා විද්‍යාලයේ 8 ශ්‍රේණිය ඉගෙනුම ලබන පබසර බිසල් ජයතිලක සිසුවා ට්‍රාන්ස්ෆෝමරයක් සමග බැටරියකුත් ආරෝපණය වන ආකාරයට විදුලි අපවර්තකයක් invertor නිර්මාණය කර තිබේ.

මෙමගින් විදුලිය නොමැති අවස්ථාවන්හි දී පැය 6-7 පමණ කාලයක් විදුලිය ලබා ගත හැක. නිවසෙහි ප්‍රධාන පරිපථයට වුවද සම්බන්ධ කළ හැක. සූර්ය පැනල පද්ධතියට සම්බන්ධ කිරීමට ද හැකිය. යම් අයකු උපකාර කළහොත් පාසලටම විදුලිය සැපයීමට හැකි බව ඔහු පවසයි. පාසලේ සියලු විදුලි උපකරණ අලුත්වැඩියා කරන මොහු පරිගණක ක්‍රිඩා සඳහා gaming console එකක්ද නිර්මාණය කර තිබේ. සිරස super hero තරග අංශයේ 2 වැනි අදියරට ද තේරී ඇති මෙම සිසුවාගේ විස්මිත හැකියාව සහ දැනුම පිළිබඳව මහාචාර්යවරු පවා විමතිය පළ කරති.

advertistmentadvertistment
advertistmentadvertistment