මීහරක් හොර මත්පැන් පානය කිරීම ගැන ගොවීන් තිදෙනකු අත්අඩංගුවට

836

ඉන්දියාවේ මීහරක් කණ්ඩායමක් හොර මත්පැන් පානය කිරීම ගැන ගොවීන් තිදෙනකු අත්අඩංගුවට ඉන්දියාවේ ගුජරාටි ප‍්‍රාන්තයේ මීහරකුන් කණ්ඩායමක් නීති විරෝධී මත්පැන් පානය කිරීමේ සිද්ධියක් හෙළිවීම නිසා ගොවීන් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
 
 මෙහිදී අනාවරණය වූයේ මීහරකුන් සිටි මඩුවේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් සිදුවන බවයි. හොර මත්පැන් පානය කළ මීහරක් තණකොළ අනුභව කිරීමෙන් වැළකීම නිසා එක් ගොවියකු පශු වෛද්‍යවරයකු කැඳවා ඒ ගැන පරීක්ෂාවට ලක් කර ඇත. මීහරක් මඩුවේ සඟවා තිබූ ජල භාජනය තුළ මෙම හොර මත්පැන් සඟවා තිබූ අතර එය ජලයට මිශ‍්‍ර වී ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment