මීළග වෛරස් ප‍්‍රභේදය ඔමික්‍රෝන්වලට වඩා වේගවත්

647

මීළඟට බිහි වන කොරෝනා වෛරස් ප‍්‍රභේදය ‘ඔමික්‍රෝන්’ ප‍්‍රභේදයට වඩා ශීඝ‍්‍රයෙන් පැතිර යන එකක් වනු ඇති බව සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණ අංශයේ ප‍්‍රධානියා වන මරියා වැන් කර්කොව් පවසා තිබේ. කොරෝනා වෛරස් ප‍්‍රභේදය තවදුරටත් ප‍්‍රභේද බිහි කරමින් පරිණාමය වනු ඇති බව පවසා ඇති කර්කොව් මෙහිදී විද්‍යාඥයන් විසින් පිළිතුරු ලබා දිය යුතු සැබෑ ප‍්‍රශ්නය වනුයේ මීළඟට බිහි වන කොරෝනා වෛරස් ප‍්‍රභේදය වැඩි වශයෙන් මාරාන්තිකද? මාරාන්තික නොවේද? යන්න බව සඳහන් කර තිබේ.

ශීඝ‍්‍රයෙන් පැතිර යන ‘ඔමික්‍රෝන්’ ප‍්‍රභේදය හේතුවෙන් ඉකුත් සතියේ ලොව පුරා රටවලින් කොරෝනා ආසාදිතයන් මිලියන 21ක් වාර්තා වී තිබෙන බව සමාජ මාධ්‍ය ජාල නාලිකා සමග අන්තර්ජාලය ඔස්සේ පැවති ප‍්‍රශ්න ඇසීමේ සැසියකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරිවරිය පවසා තිබේ. මීළඟට බිහි වන කොරෝනා වෛරස් ප‍්‍රභේදය ඔමික්‍රෝන් ප‍්‍රභේදය අභිබවමින් පැතිර යා යුතු නිසා ඉතාමත් ශීඝ‍්‍රයෙන් පැතිරෙන වෛරස් ප‍්‍රභේදයක් වනු ඇති බවත් කිසි විටක මෙම වෛරස් ප‍්‍රභේද සුළුවෙන් නොතැකිය යුතු බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ,

advertistmentadvertistment
advertistmentadvertistment