මීළඟ ප‍්‍රභේද ‘ඩෙල්ටාටත්’ වඩා දරුණුයි… අලූත් එන්නතකට ඇමරිකාව ලෑස්තිවෙයි

552

ඉදිරියේදී බිහි වීමට නියමිත නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් ‘ඩෙල්ටා’ ප‍්‍රභේදයට වඩා වේගයෙන් පැතිරෙන ඒවා බවට අනාවැකි පළ වී තිබීම නිසා එම වෛරස් ප‍්‍රභේදයන්ට එරෙහිව ක‍්‍රියා කරන එන්නතක් නිපදවීමට දැන් සිටම කටයුතු කළ යුතු බව ඇමරිකානු වෛද්‍ය පර්යේෂකයන් විසින් නිර්දේශ කර තිබේ.

 මෙම නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් දැනට ලොව පුරා රටවල සංසරණය වන ‘ඩෙල්ටා’ මෙන්ම රටවල් කිහිපයකට සීමා වී ඇති ‘ඩෙල්ටා ප්ලස්’ හා ‘ලම්බ්ඩා’ යන වෛරස් ප‍්‍රභේදයන්ට වඩා ශීඝ‍්‍රයෙන් පැතිරීමේ අවදානම වැඩි බැවින් ඒවාට එරෙහිව නව එන්නත් නිපදවීම කාලීන අවශ්‍යතාවයක් බව ඇමරිකා එක්සත් ජනපදයේ ස්ක‍්‍රිප්ස් පර්යේෂණ ආයතනයේ ප‍්‍රතිශක්තිකරණය හා ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩෙනිස් ආර්. බර්ටන් පවසයි. නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන්ට එරෙහිව අලූතින් එන්නත් නිපදවීමේ දී එම වෛරස් ප‍්‍රභේදයන් මිනිස් සිරුරේ ෙසෙලවලට ඇතුළු වීම වැළැක්වීම සඳහා ප‍්‍රතිදේහ අක‍්‍රීය කිරීමේ තාක්ෂණය යොදා ගත යුතු බව මහාචාර්ය බර්ටන් කියයි.

 මෙහිදී ඉදිරියේදී දරුණු කොරෝනා වසංගතයන් ඇති වීම වැළැක්වීම සඳහා කොරෝනා වෛරස් පවුලටම එරෙහිව ක‍්‍රියා කරන එන්නත් නිපදවීම කෙරෙහි විද්‍යාඥයන් සිය අවධානය යොමු කළ යුතු බව හෙතෙම අවධාරණය කර සිටියි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment